
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි
මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨත නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය.
එම සේවා දිගුව ඉකුත්ජුනි මස 25 වැනිදා අවසන් විය
පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙනුවෙන් පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත්සේවා දිගුව අවසන් වූ දිනයේ ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් නොපැවතුණු බව ද පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට පත්වූයේ 2020 වසරේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පේන්නේ ජනාධිපති හැමදේටම ඇඟිලි ගහන බව... ජනාධිපතිගේ හිතට හරියනකල් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතාම වැරැදි නායකත්ව ලක්ෂණයක්. 2015 දීත් මේ දේම වුණා. රට එක තැන පල්වෙන්න ගත්තා. 2015 ට කලින් සිද්ද වුනේ අනිත් අන්තයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න දෙන එක. ඒකත් වැරැදියි.
මේක සදාචාර විරෝධී වැඩක් නේ? අනික් අය පොලිස්පති වෙන්න අකැමැතිද? විශ්‍රාම ගිය අයෙක්ව කාලය දික් කරකර නැවත නැවත එම තනතුරේම තියනවා මේ සඳහා ජනාධිපතිට මෙච්චර කීකරු අයෙක් හොයාගන්නම නැද්ද? සුදුස්සෙක් හොයාගන්න අසමත් නායකයෝ රට ගොඩ දමයිද?
මෙතුමාට ගෙදර ගිහින් ඉන්න දෙන්නෙත් නැහැ, ඊගාවට එන්න ඉන්න දේශබන්දුගේ නඩු ටික අහවර වෙනකන්ද ආයෙම එතුමාව දාලා තියෙන්නේ? හැබැයි දේශබන්දු ආවාම නම් ගහලා එලෙව්වත් ඕකෙන් යන්නේ නැහැ...
තව අයෙකුට අවස්ථාව දිය යුතුයි...
ආණ්ඩුව ලොකු කතානම් කියනවා, ඇත්තම පොලිස්පති කෙනෙක් හොයාගන්න බැහැ... මේක හොඳ රජයක්...!
එක අතකට අංක එකේ දාමරිකයෙක් පත්වෙනවාට වඩා... පඹයෙක් ඉන්න එක හොඳයි.
අරයගේ නඩුටික ගොඩදානකල් මෙයාව තියාගෙන අදිනවා වගේ...
දුර්වල මනුස්සයෙක් කියන්නේ නිකන්ද? පේනවා නේද? අවංක, දක්ෂ, නීතිගරුක ඉහළ නිලධාරීන් ඉන්නවා පොලිසියේ... ඒත් පත්වීම දෙන්න කොන්දක් නෑ...
පොලිස්පති කෙනෙක්වත් පත්කර ගන්න බැරි තරමට බංකොලොත් වෙලා තියෙන මේ පාණ්ඩුවට පුළුවන්ද මේ රට හදන්න…? ලැජ්ජ නැද්ද?
මේකට තමා හැබෑ පොලිස් කෝලම කියන්නේ...