
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. යාචකයන් ලෙස කටයුතු කරන්නේ දුගීභාවයෙන් මහත් පීඩාවට පත් ආර්ථික අපහසුතා වලින් යුත් පුද්ගලයන්ය.
නමුත් ඇතැම් පුද්ගලයන් හිඟා කෑම ලාභදායී වෘත්තියක් බවට පත් කර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.ඉකෝනොමික් ටයිම්ස් සඟරාවට අනුව භාරත් ජේන් ලොව ධනවත්ම යාචකයා වේ.ඔහු මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.
ඔහුගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක්(ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28 ක්) වන බවත් මාසික ආදායම ඉන්දීය රුපියල් 60000 ත් 75000 ත් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක්) අතර වන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.
එසේම භාරත් ජේන්ට ඉන්දියානු රුපියල් කෝටි 1.2 ක් මහල් නිවාසයක් ද , මසකට ඉන්දීය රුපියල් 30000 ක කුලියක් ගෙවනා ව්‍යාපාරික ස්ථාන දෙකක්ද තිබෙන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.
ධනවත් පුද්ගලයෙකු වීමෙන් පසුවත් ජේන් හිඟා කෑම නවතා නොමැති බවත් ඔහු දිනකට පැය 10-12 අතර කාලයක් හිඟා කෑමෙන් ඉන්දීය රුපියල් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් උපයන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලු හොර හිඟන හැතිකරේ ඉහුතරයක් මේ හිඟන්නන්ට වැඩිය දස ගුණයක් දේපළ, වත්කම් තිබුණත් හොරකම් කිරීම සහ හිඟාකෑම නතර කර නොමැත...
ලංකාවේ ඉන්න බොහෝමයක් මිනිස්සු රජයේ ආදායම් බදු සීමාව ඉක්මවා ආදායම් ලැබුවත් සමුර්ධි ඉල්ලනවා නොමැති වුණාම උද්ඝෝෂණය කරනවා... ඉතින් ඉන්දියාවේ ලොකුම හිඟන්නා හිගා කනවා වගේ නොවෙයි, ලංකාවේ එහෙම මිනිස්සු ලක්ෂ තිහක් හතලිහක් ඉන්නවා පේනවා...!
හිඟන්නාගේද වරද? මුම්බායි ඉන්දියන්ස්ලාගේද වරද...?
ලංකාවේ බහුතරයක් කැමැති නිකන් ඉඳන් කන්න... අඩුම වශයෙන් හිඟාකන්නවත් එළියට බැහැලා පියවර 100-200 ඇවිදින්නත් කැමැති නැහැ... දන්න වෘත්තියවත් නිසිලෙස කරන්නේ කරන්නේ නැහැ... අඩුම වශයෙන් මේ හිඟන්නා ඔහුගේ වෘත්තීය නිසිලෙස කරනවා...
අනුර තමයි ලෝකයේ ඉන්න සල්ලිකාර හිඟන්නා...