IMG-LOGO

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. යාචකයන් ලෙස කටයුතු කරන්නේ දුගීභාවයෙන් මහත් පීඩාවට පත් ආර්ථික අපහසුතා වලින් යුත් පුද්ගලයන්ය.

නමුත් ඇතැම් පුද්ගලයන් හිඟා කෑම ලාභදායී වෘත්තියක් බවට පත් කර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.ඉකෝනොමික් ටයිම්ස් සඟරාවට අනුව භාරත් ජේන් ලොව ධනවත්ම යාචකයා වේ.ඔහු මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.

ඔහුගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක්(ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28 ක්) වන බවත් මාසික ආදායම ඉන්දීය රුපියල් 60000 ත් 75000 ත් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක්) අතර වන බවත්  ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.

එසේම භාරත් ජේන්ට ඉන්දියානු රුපියල් කෝටි 1.2 ක් මහල් නිවාසයක් ද , මසකට ඉන්දීය රුපියල් 30000 ක කුලියක් ගෙවනා ව්‍යාපාරික ස්ථාන දෙකක්ද  තිබෙන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.

ධනවත් පුද්ගලයෙකු වීමෙන් පසුවත් ජේන් හිඟා කෑම නවතා නොමැති බවත් ඔහු දිනකට පැය 10-12 අතර කාලයක් හිඟා කෑමෙන් ඉන්දීය රුපියල් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් උපයන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.



අදහස් (5)

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ

de silva Friday, 07 July 2023 04:27 PM

ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලු හොර හිඟන හැතිකරේ ඉහුතරයක් මේ හිඟන්නන්ට වැඩිය දස ගුණයක් දේපළ, වත්කම් තිබුණත් හොරකම් කිරීම සහ හිඟාකෑම නතර කර නොමැත...

:       4       53

ගජමිතුරු Friday, 07 July 2023 05:45 PM

ලංකාවේ ඉන්න බොහෝමයක් මිනිස්සු රජයේ ආදායම් බදු සීමාව ඉක්මවා ආදායම් ලැබුවත් සමුර්ධි ඉල්ලනවා නොමැති වුණාම උද්ඝෝෂණය කරනවා... ඉතින් ඉන්දියාවේ ලොකුම හිඟන්නා හිගා කනවා වගේ නොවෙයි, ලංකාවේ එහෙම මිනිස්සු ලක්ෂ තිහක් හතලිහක් ඉන්නවා පේනවා...!

:       1       32

සුජිත් පල්ලේවත්ත Friday, 07 July 2023 05:59 PM

හිඟන්නාගේද වරද? මුම්බායි ඉන්දියන්ස්ලාගේද වරද...?

:       0       1

sarath Friday, 07 July 2023 07:09 PM

ලංකාවේ බහුතරයක් කැමැති නිකන් ඉඳන් කන්න... අඩුම වශයෙන් හිඟාකන්නවත් එළියට බැහැලා පියවර 100-200 ඇවිදින්නත් කැමැති නැහැ... දන්න වෘත්තියවත් නිසිලෙස කරන්නේ කරන්නේ නැහැ... අඩුම වශයෙන් මේ හිඟන්නා ඔහුගේ වෘත්තීය නිසිලෙස කරනවා...

:       0       22

Weera Kappetipola Saturday, 08 July 2023 11:23 AM

අනුර තමයි ලෝකයේ ඉන්න සල්ලිකාර හිඟන්නා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 777 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site