උතුරු දුම්රිය මාර්ගය 15 සිට යළි ඇරෙයි උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව මාස පහකට පමණ පසුව ලබන 15 දා සිට කොළඹ හා කන්කසන්තුරේ අතර යලි දුම්රිය ධාවනය ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 13 July 2023
ආණ්ඩුවේ යෝජනාව අතේ පත්තු වේ ප්‍රාදේශීය සභා, නගර සභා, සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත බලාත්මක කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැකගැනීමට රජයේ යෝජනාව අතේ පත්තු වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 13 July 2023
අස්වැසුම මෙි මාසය අවසන් වීමට පෙර අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ප්රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. සුබසාධක ප්රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද ’’අස්වැසුම’’ වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය. 13 July 2023
වාලම්පූරිය විකුණන්න බැරි වේ ඉතා දුර්ලභ වටිනා වාලම්පුරියක් කෝටි 5 කට කිරීමට තැත්කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව ය පොලීසිය පවසයි. 13 July 2023
පළාත් කීපයකට අදත් සුළු වැස්සක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 July 2023
රත්තරන් කිලෝ 8 ක් කල්පිටි මුහුදෙන් අල්ලයි නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝග්‍රෑම් 8 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය කලපුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 13 July 2023
පෙම්වතියට කුඩු පොවා දූෂණය කරලා වයස අවුරුදු විස්සක් වන පෙම්වතියකට ඇගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි අයකු අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු පානය කරන්නට පුරුදු කළ බව එම තරුණියගේ තරුණියගේ මව එම තරුණියත් සමග වැලිපැන්න පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. 12 July 2023
හිමි නමට-කතුන් දෙදෙනාට පහර දුන් අට දෙනා යළි රිමාන්ඩ් නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුළදී හිමි නමක, තරුණියක සහ කාන්තාවක නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනා ලබන 26 වෙනි දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (12) දින නියෝග කළාය. 12 July 2023
අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි පොලොන්නරුව මනම්පිටිය කොටලිය පාලම අසල නිරන්තරව සිදුවන අනතුරු අවම කරගැනීම එම ස්ථානය සහ ඊට ආසන්න ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය, ඇතුළු අදාළ බලධාරීන් විසින් පියවරගෙන තිබිණි. 12 July 2023
ජනපති ලේකම් කාර්යාලයට අලුත් ලොක්කෝ 60 ක් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා උසස් නිලධාරීන් 60 දෙනෙකු දෙනකු පත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 12 July 2023
බදු පොල්ලේ තරම හෙළිවේ මෙරට ආදායම් බදු පෞද්ගලිකව ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින පුද්ගලයන් ලක්ෂ පහෙන් ආදායම් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 12 July 2023
දෝෂ සහිත ‘ටොයෝටා’ කාර් 8,000ක් කැඳවයි ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ‘ටොයෝටා’ සමාගම නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000 කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබේ. 12 July 2023
‘අස්වැසුම’ට එරෙහිව පැමිණිලි මිලිනයක් අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාල අභියාචනා 982,770 ක් සහ විරෝධතා 62,368 ක් ලෙස මිලියනකය අධික පැමිණිළි ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 12 July 2023
රාජාංගනයේ සද්ධාරත්න හිමිට ඇප ආගමික සහජීවනයට සහ ජාතික සහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජාංගනයේ සද්ධාරත්න හිමිට තරයේ අවවාද කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද (12) නියෝග කළේය. 12 July 2023
මන්ත්‍රි ජයන්තගේ යෝජනාවට පැෆරල් පෙත්සමක් ගොනු කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කර ඇති මහ නගර සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රොහාන් හෙට්ටිආරච්චි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. 12 July 2023
නීතියේ ප්‍රමාදය ලොකු ගැටලුවක් වෙලා නීතියේ ප්‍රමාදය අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේ දී පැවසීය. ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතු බව කී ජනාධිපතිවරයා රටක් ඉදිරියට යාමට නම් නීතියේ ප්‍රමාදයක් සිදුවිය නොහැකි බව සඳහන් කළේය. 12 July 2023
සුජීව සේනසිංහගේ මහනුවර ගේ හොරු බිදලා හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය කියයි. 12 July 2023
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 12 July 2023
ඩෙංගු වලින් 33 ක් මිය ගිහින් ඩෙංගු උණ රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. 12 July 2023
දියණියගේ පොලු පහරින් පියා මරුට කලවංචිකුඩි කලුදාවලි ප්‍රදේශයේ නිවසක ඇති ඇතිවූ ආරවුලකින් දියණිය එල්ල කළ පොලු පහරකින් (61) හැවිරිදි පියා මියගොස් ඇතැයි කලවංචිකුඩි පොලිසිය පවසයි. 12 July 2023
තවත් තරුණියක් එන්නතකට බිලි උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු ඇය මිය ගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය කියයි. 12 July 2023
නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවතට ගැටළු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 12 July 2023
රටින් ගෙනා එළුවන් 38ක් මියගිහින් ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ ආනයනික එළුවන් 100 ක් අතුරින් නිරෝධායන කාලසීමාවේදී එළුවන් 38 දෙනකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවදානය යොමුවිය. 12 July 2023
ත්‍රීරෝද රථ අමතර උපාංග සවිකිරීමට ගාස්තු ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 12 July 2023
රුපියල තවත් පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද(12) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී ද තවත් දුර්වල වී ඇත. 12 July 2023
හැට්ටේ අස්සේ සර්පයින් සඟවා පැමිණි කතක් අල්ලයි කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 12 July 2023
තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් වෙයි තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 300 ක පමණ ආනයන සීමා එළඹෙන සතියේදී ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. 12 July 2023
මහ කන්නයේ පොහොර සල්ලි ගිණුමට 2023/24 එළැඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. 12 July 2023
පාර මාරුවීමට ගිය තරුණිය ලොරියේ ගැටී මරුට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරහා පාර මාරුවීමට ගිය තරුණියන් දෙදෙනෙකු වෑන් රථයක ගැටී විරුද්ධ මන් තීරුවේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අසලට විසිවී සිදු වූ අනතුරින් තරුණියක් මියගොස් තවත් තරුණියක බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 12 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026