(රංජන් කස්තුරි)
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහල නංවා තිබේ.
ඒ අනුව ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කීය
ඒ අනුව මසකට රුපියල් 5000 ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වාද රුපියල් 2000 ක්ව පැවතී වැඩිහිටි දීමනාව රුපියල් 3000 දක්වාද ඉහළ නැංවූ බව ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය
ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස පළවෙනි දින සිට ලබාදෙන බවද ඇමතිවරයා කීය.
මේ අතර දීමනා ලබාදීම මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ප්‍රතිලාභීන්ට මේ වසර අවසන් වන තෙක්ම එම දීමනා ගෙවන බවද සේමසිංහ මහතා සඳහන් කළේය
ඉදිරියේදී අවදානමට ලක් වූ පවුල් ලක්ෂ අටකට රුපියල් 5000 බැගින් දීමනා ගෙවන බවද ඇමතිවරයා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමේ නම් ඉන්න අස්වැසුම ලාභීන් බහුතරය කිසිම වැඩක් නොකර ඉන්න සහ කසිප්පු විකුණන කීප දෙනෙකුත් ඇතුලත්. කාගේ සල්ලි මේ නිකමුන්ට බෙදන්නේ...
ගමේම ඉන්න සල්ලි කාරයන්ට විතරයි අස්වැසුම දීලා තියෙන්නේ .පොඩි උන්ට පාසල් යන්න පොත් ටිකවත් ගන්න බැරුව ඉන්න අපිට අස්වැසුම නෑ
අපිට තවම එක පාරක් වත් ලැබුනේ නෑ. 8500 තියෙන්නේ
මම ළමයි තුන්දෙනෙක් ඉන්න දවසේ කුලීවැඩ කරගෙන ජීවත්වෙන තාත්තා කෙනෙක්... ඉන්න හරියට ගෙයක්වත් වෙනත් ඉඩම්වත් වෙනත් ආදායම් මාර්ගයක්වත් මට නෑ. පවුලේ පස්දෙනෙක් ඉන්න මට අස්වැසුම 2500යි. ඒ වුණාට අපේ වසමේ 1 ළමයයි, වීල් එකකුයි, මහත්තයා මේසන් බාස් කෙනෙක් 'ගේත් හොඳටම හදලා. ඒ අයට 8500 ක් තියෙනවා. මොකක්ද මේ අස්වැසුමේ සාධාරණය...?
මට දරුවෙක් ඉන්නවා. මහත්තයාත් කුලී වැඩ කරන්නේ. මගේ දරුවාත් ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. 2023 දරුවා ශිෂ්‍යත්වය ලිව්වා. ලකුණු188යි. අපිට අස්වැසුම නෑ. ඉන්න හරියට ගේකුත් නෑ. දරුවාට ශිෂ්‍යාධාර කොහෙන්වත් හම්බෙන්නෙත් නෑ. හැකි කෙනෙක් ඉන්නවා නම් මේවා සොයලා බලලා විසඳන්න. ගොඩක් පින් සිද්ධ වෙනවා.
අපිට අස්වැසුම නෑ. මහත්තයාට රස්සාවකුත් නෑ. කුලී වැඩ කරන්නේ. අපේ දරුවා 2023 ශිෂ්‍යත්ව විභාගය ලිව්වා. ලකුණු188. එයාට කොහෙන්වත් ශිෂ්‍යාධාරයක් ලැබෙන්නෙත් නෑ. හරියට ගේකුත් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේවා විසඳලා දෙන්න. ගොඩක් පින් සිද්ධ වෙනවා.
මම ආබාධිත කෙනෙක්.... පොරොත්තු ලේඛනයේ ඉන්නවා.. ඒත් පන්දාහේ දීමනාව හම්බ වෙන්නේ නෑ..!
මම ත්‍රී වීල් රැකියාව කරන්නේ පිට වාහනේ හයර් නැහැ.. පාසල් යන එක ළමයයි... සහෝදරයා නොතෙමී ඉන්න ගේපැල හදලා දුන්නා අපට අස්වැසුම ලබාදෙන්න ජීවත්විමට අමාරුයි... අප පවුලේ හතර දෙනයි...!
අපිට අස්වැසුම නෑ. මහත්තයා කුලීවැඩ කරන්නේ. පොඩි දුවෙක් ඉන්නවා. ගේත් හදලා තියෙන්නේ බාගෙට. අපිට කරන්ටෙකත් නෑ. අපිට කොහොමහරි අස්වැසුම හදලා දෙන්න පින්සිද්ද වෙනවා...
දෙසැම්බර් මාසෙ අභියාචනා චෙක් කරාලු. සල්ලි වැටෙන ලිස්ට් එකේ නම තියෙනවා... ඒත් තාම සල්ලි වැටුණේ නෑ...
මගේ බිරිඳ සහ දරුවන් එක් අයෙකු සිටී. ( දරුවා ලේඛනයට) ඇතුළත් කර නොමැති නිසාවෙන් ,, අස්වැසුම අභියාචනා ඉදිරිපත් කරපු හෙයිනි!! කරුණාකර මාහට මුදල් ලබා ගැනීමට උපකාරී වන ලෙස දන්වා සිටිමි
අස්වැසුම ආධාර ලබා ගැනීමට කටයුතු සලසා දෙන ලෙස දන්වා සිටිමි. ලංකා බැංකුවේ ගිණුමක් ආරම්භ කර ඇත.