(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ අයට ලව් කිරීම ගැනත් ඉරිසියාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපති හමුවී සජබේ අය ඔක්කොම වැඩ කරගන්නා බව කී දසනායක මහතා ඒ සියලු දෙනා ගැන තමා දන්නා බවද කීය.
ආණ්ඩු පක්ෂයේ කාටවත් නොදුන් වරප්‍රසාද සමගි ජන බලවේගයේ ඉන්න අය හොරෙන් හොරෙන් ගිහින් ජනාධිපතිගෙන් ඉටුකර ගන්නා බවද චාමර සම්පත් මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තමන්ගේ මිනිසුන් බේරාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් යැයි ද දසනායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ unp කාරයෝ දෙගොල්ලක්නේ. ඕකට මොනවටද ඉරිසියා කරන්නේ?
ඔබලාගේ මල ඉලවු , ලවු වලින් අපට සත 5 වැඩක් නොමැත , රටේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් දෙන එක වඩේ විකුනනවා මෙන් පහසු නැත , කරුණාකර ජනතාව ලබන චන්දෙදි මොන පක්ෂෙට චන්දෙ දුන්නත් උගත් , බුධිමත් අවංක කෙනෙකුට මනාපේ ගහන්න , මෙවැනි මිනිස්සුන්ට මනාපේ දෙනවා කියන්නේ ඔබගේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමක් බව සිත ගන්න ,
අපිත් ඔයගොල්ලන්ට තියෙන අපේ ලව් එක, ඉලව් කරනවට ඉරිසියා නෑ නේද ???
ආණ්ඩුවත් එක්ක තියන ලව් එකත් ඉලව් වෙන දවස වැඩි දුරක නැහැ
කමක් නෑ අපි සජබෙට