IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගෙන මිනිස්සුන්ට දෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථිකය බංකොලොත් කළ නායකයන්ගෙන් ගෙන රටේ ජනතාවට වන්දි ලබා දෙන වැඩසටහනක් සමගි ජන බලවේගයේ රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හැමදාමත් පාඩු ලබන ආයතන බදු ගෙවන්නන්ගේ මුදලින් හැමදාම පෝෂණය කරන්නට බැරි බව කී විපක්ෂ නායකවරයා සේවක සුරක්ෂිතතාවය ඇති කර රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට  බලාපොරොත්තු වෙන බව සඳහන් කළේය.

"අප ගමන් කරන්නේ සමබර මැද මාවතකයි.ඒ මාවතේ ගමන් කිරීම සඳහා ප්‍රතිපත්ති විස්සක් අපට තිබෙනවා. 

අප ආර්ථික සංකෝචනයක් විශ්වාස කරන්නේ නැහැ.වේගවත් ආර්ථික සංවර්ධන රටාවකට අප රට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. සියල්ලන්ම අන්තර්ගත වූ වර්ධනයක් අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම සාමූහික සමෘද්ධියක් බලාපොරොත්තු වෙනවා.රට ගොඩ නඟන ආර්ථිකය වර්ධනය කරන ආර්ථික ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශය බව අපේ විශ්වාසයයි.ආර්ථිකය සීමා බන්ධන වලින් තොරව ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීමට අප කටයුතු කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (6)

රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගෙන මිනිස්සුන්ට දෙනවා

abaran Thursday, 08 February 2024 03:52 PM

ඔහේ කියන්නේම සුරංගනා කතානේ කිරි පුතේ... ඔය වැඩේට අඩුම ගණනේ අවුරුදු 25 ක් 30 ක් වත් යාවි... එතකොට ඔයා යන්නෙත් හැරමිටියෙන්...

:       0       0

රංබොඩ Thursday, 08 February 2024 04:08 PM

සාජන් නල්ල තම්බි වගේ. හිනා යන විහිළු .

:       0       10

ගමේ එකාලා Thursday, 08 February 2024 05:04 PM

මෙයා ඔය කිව්වාට කරන එකක් නැහැ. ඔවුන් ඔක්කෝම යාලුවෝ...! බයිලා ගැහැව්වාට වැඩක් තියෙයිද?

:       0       0

Dahanaayaka Thursday, 08 February 2024 05:43 PM

කොහොම නමුත් ඒවා අරගන්නම ඕන ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන රට බංකොලොත් කරපු අයගෙන් අරගෙන ජනතාවට දෙනවා කියන්නේ කොහොමද? ඒ වංචා නිසා රටේ සංවර්ධනය අඩාල වුණා. ඉතින් ඒවායින් කරන්න තිබුණු දේ අහිමි වුණා. එහෙම තියෙද්දී අරගෙන කන්න බොන්න ගැනීමට බෙදීමද කරන්න ඕන... නැත්නම් රටේ සංවර්ධනයද කියලා නැනවත් ඡන්ද දායකයින් තීරණය කරන්න ඕනෑ...

:       0       0

Roshan Thursday, 08 February 2024 09:42 PM

එහෙනම් උඹේ අප්පාගෙනුයි උඹගෙනුයි තමයි මුලින්ම ගන්න ඕන. නැත්තං කෙසෙල්වත්තේ වඩේ විකුනපු ප්‍රේමදාස පව්වට ඔච්චර සල්ලි කොහෙන්ද?

:       0       0

chandima Friday, 09 February 2024 12:54 AM

සමහරක් හොරු කල් ඇතුවම ඔබතුමාගේ පත්තර පැනලා නේ ඉන්නේ ?එතකොට කොහොමද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site