
76 වැනි නිදහස් සමරුම නිමිත්තෙන් ප්‍රංශයේ වෙසෙන සියලු ශ්‍රී ලංකාකයන්ගේ සහභාගීත්වයෙන් අලංකාර උත්සවයක් පැරීසියේදී පැවැත්විණි.
ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලයද, සියලූම ආගම්හී ආගමික නායකයන්ගේ ද, පැරීසියේ ක‍්‍රියාශීලී සංවිධානයන් හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් ”හදමු අලූත් රටක්”යන තේමාව මුල් කර ගනිමින් අලංකාර අභිමානවත් ලෙස මෙ උත්සවය පැවැත්විණි.
බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්, ය කිරින්දේ ප්‍රේමසිරි හිමියන් බෞද්ධාගමික වතාවත් සිදු කළ අතර අනෙක් ආගම්හී පුජා මෙහෙයන් එම පූජකවරුන් වන ලංකා අප ස්වාමි දුගේ කතෝලික සංඝයේ ගරු උපාධ්‍ය දිනේෂ් කීර්ති පියතුමන්, හින්දු ආගමික සිවනාදන් සිවපාලේන්ද්‍රන් ගුරුක්කල් තුමා හා ඉස්ළාම් ආගමික මොහොමඞ් නවාස් මලවිමෝ ද සිදු කළහ.
ඉනික්බිතිව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, පැරීසියේ ධම්ම චක්ක දහම් පාසලේ සිසු දරුවන් හා පැරීසියේ ලංකා අප ස්වාමීදුගේ කතෝලික සංසදයේ දූ දරුවන් ගායනය කළ අතර ජය මංගල ගාථා හා ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාවට ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති , අගමැති , විදේශ ඇමති නිදහස් දින පනිවුඩයන් ශ්‍රී ලාංකික සියලූම භාෂාවලින් සභාවට දැන්වීය.
පැරීසියේ තිසරාවී කලායතනය, තාල කලායතනයේ ශ්‍රීලාංකික අනන්‍යතාවය විදහා දක්වන දේශීය උඩරට නර්තන, පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාර දහම් පාසලේ දු දරුවන් ශ්‍රී ඬේසී කලායතනය, පැරීසියේ දමිල විද්‍යා කලායතනය දරු දැරියෝ ඉදිරිපත් කළහ.
අලංකාර සංස්කෘතික නර්ථන ප‍්‍රසංඟයක්ද පැරීසියේ තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලය විසින් ඉදිරිපත් කළ අතර දේශාභිමාණීය ගී එකතුවකින් ද නිදහස් සැමරුම් වේදිකාව වර්ණවත් විය.
අනතුරුව සහභාගීවූ සියලූ දෙනාටම දිවා භෝජන සංග‍්‍රහායක්ද පැවැත් වුයේය. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මෙම නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වූහ.
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෝ කියන්නේ මුන්ට තමයි .ගියා නම බන් ගිය විදියට හිටපල්ලා ඔහෙට වෙලා වැඩක් බලාගෙන .පුළුවන් නම් මෙහෙ ඉන්න උඹලාගේ හිතවත් එවුන්වත් ගනිල්ලා.බයිලා වැඩ නවත්තලා.
අන්තවාදී කණඩායම්, ආගම්වාදී සහ අන්තවාදී දේශපාලන කණඩායම් නොමැතිනම් එතැන සංහිදියාව ඇත
ලංකාවේ ජීවත් වෙන්න බැරිව, නැති බැරි කමට සුද්දන්ගේ රටකට ඇවිත්, තමන්ගේ රට සුද්දන්ගෙන් නිදහස් උනා කියලා මහත් අභිමානයෙන් සුද්දන්ගේ රටකම ඉඳගෙනම නිදහස සමරනවා දකිද්දී ප්‍රංශ කාරයින්ට මොනවා හිතෙනවා ඇත්ද..? සුද්දෝ ලංකාව දාලා ගියාට පස්සේ දේශප්‍රේමී හොරු රැලක් ලංකාව හා ජනතාව ග්‍රහණය කරගෙන ඇති බව වත් ඔය රටවල ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද..? නිදහස් උත්සව සමරන්න කලින් මේ රට හොරුන්ගෙන් නිදහස් කරගෙන හිටපල්ලා මෝඩ මිනිසුනේ... ඔබලා අසීරුවෙන් ගොඩනගා ගත් ජීවිත පුජකයින් විසින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් මුලා කොට ඇති බව පෙනේ... මේක ප්‍රංශයට පමණක් නොවෙයි, පිටරටවල වෙසෙන සියල්ලන්ටම අදාලයි.. පාලකයින් සහ පුජකයින් කියන්නේ එකම කාසියේ දෙපැත්තයි..