(රෝෂන් තුෂාර)
පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කළ ජාතික මෙහෙයුම් රාජකාරී වල නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(08) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ රත්නපුර මහවලවත්ත පදිංචි මහේන්ද්‍රන් නමැති 19 හැවිරිදි සැකකරුවෙකි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර වැඩ පැවැත්වීම සඳහා දියත් කළ ජාතික මෙහෙයුමට කොළඹ මිහිජය සෙවණ පොලිසියේ නිලධාරීන්ද ඊයේ දින විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මිහි ජය සෙවණ පොලිසියේ 22 හැවිරිදි කාන්තා නිලධාරිණියද සිවිල් ඇඳුමින් සැරසී තොට ළඟ හන්දියේදී බස් රථයක ගොඩ වී කොළඹ දෙසට ගමන් කර ඇති අතර සැකකාර තරුණයා අණගරැගුම් පාමින් ඇයගෙන් දුරකථන අංකය පවා ඉල්ලා ඇති බව මිහිජය සෙවණ පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
සැකකරු දණ්ඩ නිති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කිරීමට එරෙහිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා පොලිසිය දියත් කළ මෙම මෙහෙයුමේදී පෙරේදා දිනය තුළදී පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දන්නේ නැති කෙනෙක් මගෙන් දුරකථන අංකය ඉල්ලොවොත්, ගමේ පොලිසියේ නොම්බරේ තමයි දෙන්නේ.
මට පෙන්නේ දේශබන්දු ගේ පොලිසිය "හනි ට්‍රැප් " දාල එකට අහුවෙන තනිකඩ කොල්ලොන්ව අත්අඩංගුවට ගන්නවා වගේ ඒ පාර , බස් එකේ යනකොට පරිස්සමෙන් යන්න වෙනවා දැන්