(අංජුල මහික වීරරත්න)
යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන තුනක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.
බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක වටිනා අතිරික්තයක් පවත්වාගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
අද වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 130,791ක්, පෙට්‍රල් 92 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 83,275ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 8313ක්, පෙට්‍රල් 95 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 11,196ක්, ගුවන් යානා සඳහා භාවිත කරන JET A1 මෙට්‍රික් ටොන් 17,274ක් සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් (FO) මෙට්‍රික් ටොන් 75,410ක් වශයෙන් තොග පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද. රටේ දේපල විකුනලා ගත්තු. මුදල් කනදරාව. ඕවා කියනවා විතරයි ඉටපස්සෙ මුදල් වලට වුන දෙයක් නැහැ.
ඒ සල්ලි වලින් වෙන්න ඇති හාල් බෙදන්න යන්නේ ?තව අර ලෝකේ පුරා කොහේ හරි සමුළුවක් තියනවා කියපු ගමන් රෙද්ද උඩ දාගෙන දුවන්නේ එහෙම නේද ?
මිල නම් නිකම්ම දුන්න වගේ.. නිලධාරීන් දුන්න තවත් බොරු වාර්තාවක් මත කල පාඩුලබන වෙලඳාමක්ද?
ඇමතිතුමා අපි කොහොම කිව්වත් සුද්දා රට හැරල ගියේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ක් අපිට දායක කරලනේද ඉතින් රටේ හිටපු පාලකයො ඒවා ගැන අවධානය යොමුකර තෙල් මිල බැහපු අවස්ථාවල ඒවා පුරවාගෙන හිටියා නම් දැනට අපිට වෙලා තියෙන හිගමනේ යාමට අවඅවශ්‍ය වෙන්නෙ නැහැ කියලා හිතන්නේ නැද්ද 1970 සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ ඉන්ධන මිල ඉහළ ගියා අඩුම තරමින් ආචාර්ය NM Perera මුදල් ඇමති වෙලා තෙල් නැවක් බාගන්න බැරුව ජේආර් ගෙන් උපදෙස් ගත්තා කියනවා එහෙම උගතුන්ටවත් මේගැන අවබෝධයක් නැතිවුණාම රටේ සංවර්ධනය කරන්නෙ කොහොමද මටනම් දීඝායු ජාතකයේ පුතේ දුර බලන්න ළග බලන්න එපා කියපු කතාව මතක් වෙනවා ඇමතිතුමා තරුණයෙක් හැටියට මෙහෙම අදහස් ගැන අවධානයට අරගෙන රටේ සංවර්ධනය කරන්න උනන්දු වෙන්න