(රන්ජන් කටුගම්පොළ)
බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව සහ ඊට සම්බන්ධ ලියකියවිලි ඉතා සුරක්ෂිතව තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ නීතිපතිවරයා විසින් එම නඩුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම විභාගයට අවසර ලබා දෙමිනි.
මෙම අභියාචන පෙත්සම අගෝස්තු 28 වැනිදා විභාගයට ගැනීමටද දින නියම කළේය.
මෙම අභියාචන පෙත්සම එස්.තුරේරාජා සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අභියාචන පෙත්සමේ වග උත්තරකරු ලෙස දේවගැති ජෙරම් ප්‍රනාන්දු නම් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපොළේදී තමන් අත් අඩංගුවට ගැනීම වළකාලන ලෙස ඉල්ලමින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් පසු දේවගැතිවරයා ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට නොගන්නා ලෙසත් පැය 48 කින් පසුව ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් අධිකරණය නියෝග කළේය.
එම නියෝගයෙන් අතෘප්තියට පත් නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබ තිබිණ.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු වනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෙරොම්ගේ නඩුවේ ලිපිගොනු සුරක්ෂිතව තබන්න