(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්රෑම් 06ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය.
ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණය මඟහැර පළාගොසස් සිටින විත්තිකරු අල්ලා ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විවෘත වරෙන්තුවේ පිටපතක් පොලිස්පතිවරයාටද යොමු කිරීමට අධිකරණ ලේඛාධිකාරරීවරයාට නියම කළේය.
වසර 05කට ඉහතදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 06 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මෙසේ දඩුවම් නියම වූයේ සුදත් ප්‍රසන්න නමැත්තාටය.
2018 වසරේදී කොළඹ ග්‍රෑන්ඩ්පාස්, බෙත්තාරාම ප්‍රදේශයේ දී හෙරොයින් ග්රෑම් 5.9 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් දරාපු මහාපරිමාණ කුඩු ජාවාරම් කාරයින්ට නම් අවුලක් නැතුව...
කිලෝ ගණන් රට ඇතුළට ගේන අය තාම නිදැල්ලේ ඒ ගොල්ලෝ ඇමතිලාට කප්පම් ගෙවන නිසා. ග්‍රෑම් ගණන් ළඟ තියාගන්න අය හිරේ. මාර යුක්තියක් තමයි.
කිරිබත් කාලා සමරන්න ඕනේ නඩු තීන්දුවක්... හැබැයි කෙහෙළියලා බාල බේත් ගෙන්නලා මිනිස්සුන්ට දීලා... ඒ නිසා මිනිස්සු මැරිලා තියෙද්දීත් ඒ ගණුදෙනු වලින් කෙහෙළියලා ඇතුළු තක්කඩි රැල කෝටි ගණන් හම්බ කරලා තියෙනවා.. ඇස්පනාපිට ඔප්පු වෙලා තියෙද්දීත් ඒ වගේ තක්කඩින්ට සියළුම සැප පහසුකම් එක්ක බන්ධනාගාර රෝහලේ ඉන්න දීලා තියෙන එක තමයි පුදුමේ..
කුඩු ගේන මිනිස්සු මෙන්න මේ විනිසුරු ළඟට දාන්න. ග්‍රෑම් 06ට ජීවිතාන්තය දක්වා දක්වා නම් කුඩු රජාලට ආත්ම 05කට වත් දඬුවම් දෙයි...
කිලෝ ගනන් අහුවෙන ඒවාට තාක්ෂණික දෝෂ.
මම හිතුවේ යුක්තිය මෙහෙයුමට අහු උන එකෙක්ගේ නඩුව අහලා හිරේටත් නියම කරලා කියලා.එවුන්ට නඩු දාලා සාධාරණ සැකෙන් ඔබ්බට සාක්ෂි ඔප්පු කරලා එවුන් හිරේ යනකොට තව ටිකක් රෑ වෙයි නේ