මට්ටක්කුලිය - සීමාමාලකය බස් රථ වර්ජනයක් මට්ටක්කුලිය - සීමාමාලකය මාර්ග අංක145 බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. 25 July 2023
සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි සදහා පිටත්වීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන්ගේ ප්‍රයෝජනය සදහා යුද හමුදාව නිෂ්පාදනය කළ විශේෂ රථ හයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතාට පිරිනමනු ලැබීය. 25 July 2023
ඇමරිකානු තානාපතිනිය ගුවන් හමුදාධිපති හමුවෙයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලි ජේ. චංග් මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 25 July 2023
හන්තානේ ඉඩම් කැබලි කිරීම නවතී හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20 ක් කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් නියෝග කොට තිබේ . 25 July 2023
පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා සමාගමකින් 2018 සහ 2021 වසරවලදී ලබාදී තිබු ටැබ් පරිගණක යන්ත්‍ර 950 ක් සහ සිම්පත් කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදා ගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 July 2023
නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25) පැවසීය. 25 July 2023
රත්තරන් තවත් ගණන් උස්සයි ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 25 July 2023
අගුරුවාතොට ඝාතන සැකකරු උකස් තැබූ රන් මාලය ගැන සොයන්න නියෝග අඟුරුවාතොට කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය ඝාතනයට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකාර හමුදා සෙබලා උකස් තබා ඇත්තේ එම කාන්තාව පැළඳ සිටි රන් මාලය දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගත් පාදුනර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 25 July 2023
වර්ජනය අවසන් වුවත් දුම්රිය හයක් අදත් අවලංගුයි දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (25) උදෙත් කාර්යාලය දුම්රිය හයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 25 July 2023
ආනයනික බිත්තර අද සිට මහ ජනතාවටත් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 25 July 2023
ජනපති පක්ෂ සමුළුවට සජබෙත් එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 25 July 2023
පණ ගිය ලංගම බස් 157කට පණ දෙයි ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 25 July 2023
කොහු කර්මාන්ත ශාලාවක් අළු වෙයි පුත්තලම මදුරගම ප්‍රදේශයෙ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේ ගිහි ගැනීමකට ලක්ව ඇතැයි පොලීසිය කියයි. 25 July 2023
රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ... රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව සෞඛ්‍ය හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 25 July 2023
දිනෙන් දින රුපියල බාල්දු වෙයි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (25) දිනයේ ද ඉහළ ගියේය. 25 July 2023
ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 25 July 2023
දිළිඳුකම නැති කරන්න ලෝක බැංකුවේ සහාය ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට එකඟතාවය පළකර ඇත. 25 July 2023
බීමත් පියා තුන් හැවිරිදි දරුවා උණුවතුරෙන් පුච්චලා තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 25 July 2023
ක්‍රීඩාව ගොඩනගන්න ඔස්ට්‍රේලියාව සමග ගිවිසුමක් ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 25 July 2023
ලෝක බැංකුවෙන් සහය ගන්න කැබිනට් අනුමැතිය සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 July 2023
රැල්ලට පැමිණි පක්ෂ රැල්ලටම ගහගෙන ගියා පසුගිය අරගලය සමග රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 25 July 2023
දුම්රිය ප්‍රතිව්‍යූහගත කරන්න කමිටුවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2023
විනිසුරු උපයන බද්ද: පෙත්සම් විභාගයට මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද(25) තීරණය කළේය. 25 July 2023
ඕ.අයි.සීට පාට් දැමූ ව්‍යාපාරිකයකු අල්ලන්න සොයයි රාජාංගනය ප්‍රදේශයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පරීක්ෂාකර බැලීමට ගිය රාජාංගනය පොලිස් ස්ථානාධිපති වරයාට එම සංගීත සංදර්ශනය සංවිධානය කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයා මරණීය තර්ජනය කළේ යැයි කියමින් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඇත. 25 July 2023
වෘත්තීය සමිති සාමාජිකයින්ට කොළඹ පාරවල් තහනම් වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝගයක් නිකුත් කර තිබේ. 25 July 2023
දැරිය කැලෑවට ඇදගෙන ගිය කොප්‍රල්ට වැඩ වරදී ආණමඩුව , ප්‍රදේශයෙ කුඹුරේ කුරුල්ලන් එළවමින් සිටි 11 හැවිරිදි දැරියක් කැලැවට ඇදගෙන යාමේ සිද්දියක් සම්බන්ධව යුද හමුදා කොප්රල්වරයකු ආණමඩුව පොලිසිය අත් අඩංගුවට ගත් බව කියයි. 25 July 2023
සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ නෑ උතුරේ ගැටලුව විසඳීම සඳහා ජනතා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුව ට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 25 July 2023
ඝාතන පලිය ගන්න කැබ්රියකට යට කරලා ඝාතනයක පලිගැනීමක් සඳහා, කැබ් රථයක්යතුරු පැදියේ හප්පා, බිම වැටුණු පැදිකරුවන් දෙදෙනාගේ සිරුර මතින් කැබ් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මල්ලාවි පොලිසිය පවසයි. 25 July 2023
ඩයනාට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද(25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 25 July 2023
කොන්ත්‍රාත්තුව අතේ පත්තු වේ පවුල් ආරවුලක් හේතුවෙන් රුපියල් එක් ලක්ෂ දස දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි. 25 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026