
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් පැලවත්ත ජනා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (19) පැවැත්විණි.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කළ බවත් එම පක්‍ෂය පැවසීය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම්, දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය වෙනුවෙන් ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවය සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ සාකඡ්චා වට තානාපති කාර්යාලයේ පහලම සොක්කො ටිකක් නෙ එවල තියෙන්නෙ ජාතික ජනබලවේගයත් එක්ක කතා කරන්න, ඇමරිකාව ඒ අතින් විශිෂ්ටයි. ජූලි ඡං මැතිණිය තමයි සාකච්ඡාවල පෙරමුණ ගත්තෙ. ජ.වි.පෙ කෙරුමො ටික නෝට් බුක් එකක්වත් අරගෙන නෙමෙයි අයියල ටික ගිහිල්ල තියෙන් නෙ. අයියෝ සිරිසේන!. ලිලිපුට්ටා
බොහෝ විට මෙය අවසන් විය හැක්කේ වියත් මග නම්බර් ටූ වශයෙනි. නමුත් අපි සුබ පතමු.