
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (20) දැනුම් දුන්නේය.
පනත් කෙටුම්පතේ 3,42,සහ 70 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව යෝජිත සංශෝධනය කරන්නේ නම් එම අනුකූලතාවයන් ඉවත්ව යනු ඇතැයි එහි දැක්වේ.
සිවු වැනි වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව සුදුසු පරිදි සංශෝධනය විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වේ.
පනත් කෙටුම්පතේ 61(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බව සඳහන් කරන ශ්‍රේෂ්ඨාධිකරණය එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් මෙම අනුකූලතාවය ඉවත්ව යනු ඇති බව ප්‍රකාශ කරයි.
පනත් කෙටුම්පතේ 83(7) වගන්තිය ද විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව එහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත පනතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මැති සබයට