
(අංජුල මහික වීරරත්න)
කඩවත මහාමායා බාලිකා විදුහලේ සිසුවියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අද කැබිනට් මණ්ඩලයේ අසුන් ගත්හ.
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද යන්න සහ එහි ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.
රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීමඑය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.
රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පිරිනැමුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රනිලුයි සජිතුයි දෙන්නාම ඉස්කෝලේ ළමයි අල්ලා ගන්නේ මොකද දේශපාලන වැඩවලට? එයාලාගේ මොලත් ආපහු ළමාකාලයට යනවාද මන්දා...?
කොළඹට කිරි... අපට කැකිරි...!
අවු 30 හෝ 40 වත් ඕක කෙරුවා නම් ලංකාව, සිංගප්පූරුවක් කොහොම වෙතත් අඩු ගානේ, මැලේසියාව නැත්නම් මාලදිවයින ගානටවත් එන්න තිබ්බා...
දේශපාලනයෙන් දුරස්ව සිටින තරුණ පරපුර නැවත දේශපාලනය කෙරෙහි උනන්දුවක් ඇතිකිරීමට මෙවැනි අවස්ථවන් පාසල් දරුවන් වෙත ලබාදිය යුතුවේ.
ඔය වගේම. රටේ ඉන්න උගත්, බුද්ධිමත් ( ඇත්තටම උගත්, බුද්දිමත් ) මහත්වරු ලංකාවේ ඉන්නවා. ඒ අයටත් ඔයවගේ අවස්ථාවක් දුන්නා නම් , ඒ අයගේ අදහස්වලට සවන්දුන්නා නම් ලනකව බංගලාදේශය තරම් දියුණුවෙලා. රට පිළිඹඳ ඉතා වැදගත් තීරණ ගන්න තැන ඉන්නේ කවුද කියලා හිතන්න. රට මෙහෙමවත් තියෙනවා ඇති.