(ගයාන් සූරිය ආරච්චි)

මත්ද්‍රව්‍ය ජාවාරමක ඇතිවූ ආරවුලක් මත නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ  තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බොරැල්ල පොලිසිය පවසයි 

මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 38 ක් වයස ඇති තොට ළඟ නාගලන් වීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.  ඊයේ (19) රාත්‍රියේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.

තුවාල ලැබූ පුද්ගලයා මීට දින කීපයකට පෙර මෙම මහල් නිවාසයට කුලී පදනම් මත පැමිණ ඇති බවත්  ඔහු ඉකුත් පස්වැනි දින බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටි පුද්ගලයකු බවද පොලිසිය පවසයි. තවද ඔහු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයෙකු ලෙස ලේඛනගතව ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.