IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ බැංකුවේ උදවිය කොලේ වහලා වැඩේ කරගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට බංකොලොත්  කළ මහා බැංකුවේ නිලධාරීන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි වීමක් ලබා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පටි තද කරගන්න,කාර්ය මණ්ඩල අඩු කරගන්න කියා රටට උපදෙස් දෙන උදවිය මෙලෙස හැසිරීම යුක්ති සහගත දැයි කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිගේ වැටුප රුපියල් හත් ලක්ෂ දොළොස් දහසකින් වැඩි කරගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා මහා බැංකුවේ කාර්යාල කාර්ය සහයකුගේ වැටුප රුපියල් 75000කින් වැඩි කරගෙන තිබෙන බව සඳහන් කළේය.

මහා බැංකුවේ උදවිය කොලේ වහලා වැඩේ කරගෙන තිබෙන බව කී කිරිඇල්ල මහතා නීති විරෝධී ගෙවීමක් වන මෙය වහා නතර කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

මහා බැංකුවේ ස්වාධීනත්වය යනු පාර්ලිමේන්තුව මග හැරීම නොවන බවත් වේතන ගණනය කරන්නට ඔවුන්ට අවසර තිබුණත් ඊට පාර්ලිමේන්තු අවසරය අවශ්‍ය බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.



අදහස් (1)

මහ බැංකුවේ උදවිය කොලේ වහලා වැඩේ කරගෙන

මැක්ස් Tuesday, 20 February 2024 01:12 PM

ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේ ගොන් කතා තම සමස්ත දේශපාලනය පුරාවටම කියන මේ මනුස්සය මහා බැංකුවේ ලජ්ජා නැති නිලධාරීන් ගැන නම් හොද කතාවක් කරලා.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site