IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බන්ධනාගාරවලට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය

(යොහාන් භාසුර)

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු රැදවියාට දීමට  රැගෙන ආ දන්තාලේපයක් තුළ සූක්ෂම ලෙස සඟවා හොරයින් මිලිග්‍රෑම් 3410 ප්‍රමාණයක්  වෙස්ලි මුරපොල රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන්ගේ දැඩි සෝදිසියේ ප්‍රතිඵයෙන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

මේ අතර  කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු එම සැකකරු වෙත ලබා දීමට රැගෙන ආ දන්තාලේපයක් තුළ සූක්ෂම ලෙස සගවා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3140 ක් ද අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම මත්ද්‍රව්‍ය රැගෙන  ආ පුද්ගලයන් හා අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත භාරීදීමට කටයුතු කළ බවත් සිදුවීම සම්බන්ධනයෙන් මැගසින් බන්ධනාගාරය හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය. 



අදහස් (0)

බන්ධනාගාරවලට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site