IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බැංකුවලට පොලු තැබූ තෝරු මෝරු ලයිස්තුව කියන්න

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රාජ්‍ය බැංකුවලට පොලු තැබූ තෝරු මෝරුන්ගේ ලැයිස්තුව මැතිසබයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ ප්‍රශ්න කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.

තමා මේ ගැන අවස්ථා ගණනාවකදීම ප්‍රශ්න කළ බවත්   රාජ්‍ය බැංකු දූ දරුවන්ගේ ණය පැහැර හැරීම් ගැන සංවේදී වෙනවා  වගේම ලොකු කෝටිපතියන්ට වගකීමක් නොමැතිව දීපු ණය අය කර ගැනීමට සංවේදී නොවන්නේ මන්දැයි තමා ප්‍රශ්න කරන බවත්  ඔහු කීවේය.

රාජ්‍ය  බැංකුවලට ණය ගෙවීම පැහැර හැරි තෝරු මෝරුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා:

ණය නොගෙවන අයගේ ණය අය කර ගැනීමට උපරිම වශයෙන් කටයුතු කරනවා.

සෑම අයකු සම්බන්ධයෙන්ම විශේෂයක් නොකර බැංකු කටයුතු කරනවා. රාජ්‍ය බැංකු නොගෙවූ  ණය පිළිබඳ අවදානම් සීමාවට කිට්ටුවෙන්  සිටිනවා.



අදහස් (1)

බැංකුවලට පොලු තැබූ තෝරු මෝරු ලයිස්තුව කියන්න

babu Tuesday, 20 February 2024 12:11 PM

හොර සල්ලි ගහපු අයගේ ලැයිස්තුවකුයි , නිදන් හොරුන්ගේ ලැයිස්තුවකුයි නම් තියෙනවා . ඕනද?

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site