IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලි පාරිභෝගිකයන්ට සතුටුදායක ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බිලට මුලින් කී සහනයට වඩා වැඩි සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව  විදුලි බල හා බලශක්ති  අමාත්‍ය කංචන විජේසේකර මහතා  පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව විදුලි වල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද හෝ හෙට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කංචන විජේසේකර මහතා මෙසේද පැවසීය.

විදුලි බල විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. ඒ අනුව විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දීලා තියෙනවා. විදුලි බිල ගැන යෝජනා ඉදිරිපත් කරන්න කියලා විවිධ පාර්ශවලින් ඉල්ලීමක් කළා. විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කළා.

 නමුත් එදින සහභාගී වෙන්න බැරි බව දැනුම් දීලා තිබුණා. විවිධ පාර්ශව සම්බන්ධ වුණා. විදුලි බල ක්ෂේත්‍රයේ හතළිහකට වැඩි පිරිසක් සහභාගි වුණා. ඔවුන් යෝජනා  දුන්නා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් මහජන අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. සංශෝධනය කරපු විදුලි ගාස්තු අය ක්‍රමය  පිළිබඳ යෝජනා   බදාදා හෝ බ්‍රහස්පතින්ද  ලබාදීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරාවි. මීට පෙර බලාපොරොත්තු වුණාට වඩා අඩු කිරීමක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. යෝජනාව මහජන  උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරනවා. කොමිසම ඊට පස්සේ ඒ  ගැන  තීරණයක් ගනීවි.



අදහස් (4)

විදුලි පාරිභෝගිකයන්ට සතුටුදායක ආරංචියක්

රංබොඩ Tuesday, 20 February 2024 11:33 AM

බාලගිරි දෝෂය

:       0       8

කංචන බාලගිරි Tuesday, 20 February 2024 11:47 AM

"කංචන බාලගිරි" අද නෙවේ හෙට නෙවේ.... එහෙනං මගෙන් අහන්නෙ? මං දන්න ඉලව්වක් නෑ ඕයි! අරූගෙං ම අහපං යඛෝ.

:       0       7

ravin Tuesday, 20 February 2024 11:58 AM

ආයේ ආයේ කැරට් අලේ පෙන්න පෙන්න හිටියට වැඩක් නැහැ .අපිට සතුටු විය හැක්කේ දුෂිතයන්ගෙන් තොර උත්තරීතර තැනක් හැදුන දාට පමණයි

:       1       11

පිටරටවැසියා Tuesday, 20 February 2024 08:12 PM

මේ ළඟකදී විදුලි කාර්මිකයකුට විදුලිය වැදිලා අනතුරක් තිබුණා, බැලුවේ විදුලි ඇමැතිට එහෙම වෙන්නෙ කවදද කියල ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site