(යොහාන් භාසුර)

ඒ අනුව ඇෆ්ගනිස්තානු පිල ජයග්‍රහණ්‍ය සඳහා ඕවරයකට ලකුණු 9.4 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 188 ක් රැස්කළ යුතුය.

ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ අවසන් පන්දු කීපයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන පහර දෙමින් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් විය.

සදීර සමරවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 42 කින් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187

(පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 23, ධනංජය ද සිල්වා 14, සදීර සමරවික්‍රම 51, වනිඳු හසරංග 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2)