IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ බැංකු වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යාංශයට පාලනය කරන්න බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහ බැංකුවේ වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යංශයෙන් පාලනය කරන්න බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

ඔවුන්ගේ ගිවිසුම අනුව වසර තුනකට වරක් වැටුප් වැඩි වීම කරන අතර එම තීරණ ගන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මේ අවස්ථාවේ අවම වේතනයකට වැඩ කරන්න හැකි නම් හොඳ බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලොව හැම තැනකම මහා බැංකු වල පඩි වැඩි අතර ඒවායේ ඉහළම ආර්ථික විශේෂඥයින්  සිටින නිසා ඒ තත්ත්වය නිර්මාණය වී තිබෙන බව සඳහන් කළේය.

ආදේශ නැති රැකියා සඳහා විශේෂත්වයක් කළ යුතු වෙන බව කී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකුවේ වැටුප් ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලින් නොවන බවද ඔවුන්ගේ ගිණුමෙන් බව ද සඳහන් කළේය.



අදහස් (4)

මහ බැංකු වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යාංශයට පාලනය කරන්න බෑ

Rata Perata Tuesday, 20 February 2024 12:48 PM

ඇමතිලා හැටියට ආර්ථියක් ගැන කිසි දෙයක් දන්නේ නැති නපුංසකයෝ ඉන්නකොට මේ වගේ වැඩ ව්නේවා .පඩි ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලෙන් නෙමෙයි ලු .ඒ කියන්නේ ඒවා කාගේ හරි ගෙදරින් ගෙනල්ලා ගෙවනවද ?නැතිනම් ජනතාවගේ බදු මුදලින් ගෙවනවද ?

:       4       30

rocky Tuesday, 20 February 2024 01:07 PM

ඇයි මේක ශ්‍රීලංකා මහබැංකුව නොවෙයිද ද ?ඔකේ ඉන්න පියන්ලත් ආර්ථික විශේෂඥයෝද ද ?

:       1       30

Aravinda Monarawila Tuesday, 20 February 2024 01:12 PM

ඔබලාට පාලනය කරන්න පුළුවන් ,වරායේ කම්කරුවාගේ ,විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ රෝහලේ සාත්තු සේවකයන්ගේ වගේ පොඩි මිනිස්සුන්ගේ වැටුප විතරයිද ?කොන්ද පන නැති නපුංසකයෝ රැලක් පාලනය කරන්නේ

:       4       31

පිටරටවැසියා Tuesday, 20 February 2024 08:08 PM

මයේ හිතේ "ශ්‍රී ලංකා මහ බැංකුව" ලියාපදිංචි කරලා තියෙන්නෙ ඇමෙරිකාවෙ හරි එංගලන්තයේ හරි වෙන්ටෑ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site