(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
2024 වසරට අදාල පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
පාසල් දිවා ආහාර වෙනුවෙන් රුපියල් බිලියන 16ක් අය වැය මඟින් වෙන්කර තිබෙන අතර ඊට අමතරව දරුවන් ලක්ෂ දෙකකට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් USAID ආයතනය මඟින් ගිවිසුම් අත්සන් කළ බව අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසිල්, පාසලේ නම් වෙනස් කරන බවට ඔබ දුන් පොරොන්දුවට මොකද වුණේ? සර්කස් කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් තවත් පාර්ලිමේන්තු විහිළුවක්. ගංජා නීතිගත කිරීම ආරම්භ කිරීම සඳහා ඩයනා මැඩෙම් සමඟ යාම වඩා හොඳය