ගෝල් ටයිටන්ස් සුපිරි ඕවරයේදී ජය ලබයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති දිනයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් පිල සුපිරි ඕවරයේදී දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් විය. 31 July 2023
ඝාතනය කර වැසිකිළි වළක දමා තිබු මවගේ සිරුර ගොඩගනී රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අලුතින් කැපු වැසිකිලි වළකට දමා සැගවා තිබු මෘත දේහය අද (31) දහවල් මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර මහතා ඉදිරියේ ගොඩ ගනුලැබිය. 31 July 2023
පොලිසියට බල්ලන් උසි ගන්වා පැන ගිය මත් ජාවාරම්රුවෝ මාට්ටු තැන්නේකුඹුර ඉලුක්මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවේදී පොලීසියට සුනඛයන් උසිගන්වා අත් විලංගු සමග පැන ගිය සැකකරුවන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසිය මගින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ . 31 July 2023
වාහන හොරාට කතගේ උප්පරවැට්ටියෙන් බේරෙන්න බැරි වේ කුලී පදනම මත වාහන ලබා ගන්නා සහ වාහන කුලියට දෙන ආයතනයක් පවත්වාගෙන යමින් ගැණුම්කරුවන් ට රුපියල් කෝටි 50 ආසන්න මුදලක් ලබා නොදී පලා ගොස් සිටි බව කියන හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයක හිමිකරුවකු හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ දී ඊයේ (31) අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 31 July 2023
රියදුරන් නොමැතිව දුම්රිය ගමන් වාර 7 ක් නතර වේ දීර්ඝ සති අන්තයක් හේතුවෙන් දුම්රිය රියදුරන් සේවයට නොපැමිණීම නිසා දුම්රිය ගමන් වාර 7 ක් අද (31) පස්වරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 31 July 2023
කොට උඩ ගිය ජපාන් ව්‍යාපෘති කඩිනමින් අරඹයි ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) මහත්වරු ජනාධිපති කාර්යාලයේදී අද(31)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 31 July 2023
පොලිස්පති අභියාචනාධිකරණයට කැඳවයි සාමකාමී අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න මහතාට අද නියම කළේය. 31 July 2023
තරු හෝටල්වලට කෑස්බෑවන් මස් කළ 2ක් අල්ලයි යාපනය මාණිප්පායි පොලිස් වසමේදී දකුණු ප්‍රදේශයට නීතිවිරෝධී අයුරින් කැස්බෑවුන් සිව් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි. 31 July 2023
ඉදිරියේදීත් වැස්සට බාධා රටපුරා ලොකු වැසි දැනට බලාපොරොත්තු නොවිය හැකි බව කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් ඒ.කේ කරුණානායක මහතා පැවසීය. 31 July 2023
ජාතික ගීය වෙනස් කිරීම ගැන විමර්ශනයක් ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය. 31 July 2023
කොළඹ නාගරික උද්ධමනය සියයට 6.3ක් දක්වා පහතට කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (ජූලි) සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) පැවසීය. 31 July 2023
වික්ටෝරියා සිඳෙයි:විදුලි උත්පාදනයට බාධා උඩරට ප්‍රදේශ වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල විදුලි උත්පාදනය බොහෝ දුරට සීමා කොට ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි . 31 July 2023
පාඨලී ට එරෙහි නඩුව කැඳවන්න දින දෙයි රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව නොවැම්බර් මස 23 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේ අද (31) නියම කළේය. 31 July 2023
කිව්.ආර්. නිසා ඉන්ධන භාවිතය පහළ බැහැලා ජාතික ඉන්ධන අවසර පත හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව මෙරට මාසික ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් අඩු වූ බවත් එමගින් ඉන්ධන ආනයනික වියදම අඩුකරගැනීමට හැකිවූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 31 July 2023
කුකුළු මස් ආනයනයට අවසර කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය. 31 July 2023
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාට තවත් 15 ක් යති ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි. 31 July 2023
චීන සහයෙන් අලුත් කඩේ උසාවිය අලුත් වෙයි යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය අද(31) පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීරණයේදී පැවැත්විණ. 31 July 2023
කොම්පඤ්ඤවීදියේ වාහනයක් ගිනිගනී කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී මීට සු`ඵ මොහොතකට පෙර පෞද්ගලික වාහනයක් ගිනි ගෙන ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පැවසීය. 31 July 2023
ගල් කොරියක යන්ත්‍රයකට යට වී අයෙක් මරුට අම්බලන්තොට කරඹගල්මුල්ල ගල් කොරියක සේවයේ නියුතු තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි අද (31) ජීවිතක්ෂයට පත්ව ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 31 July 2023
මුතුරාජා ගැන පරිසර කමිටුව දුක්වෙයි අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නිසියාකාරව බලා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය. 31 July 2023
අවුරුදු තුනෙන් රට හදනවා රාජපක්ෂවරුන් පුටින්ලා, දුටුගැමුණුලා, ධර්මපාලලාට අන්දා ජනතාව රවටා රට බංකොලොත් කළ අයට රටේ ස්වෛරීභාවය ගැන වචනයක් වත් කතා කිරීමේ අයිතියක් නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 July 2023
ආණ්ඩුවේ හැසිරීමෙන් ජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවය තිස් අවුරුදු යුද සමයේ ද මෙවැනි කඩාවැටීමකට පත් නොවූ බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (31) පැවසීය. 31 July 2023
'ජනපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් ' ලබන වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණය පවත්වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 31 July 2023
ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 7 තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය. 31 July 2023
බටානා වත්තට පැන්නැයි ළමයෙක්ට ගහලා කල්පිටිය මංඩලකුඩාව ප්‍රදේශයෙ වගාබිමක බටානා සොරා ගත්තැයි චෝදනා කරමින් වතු හිමිකරු හා සේවකයකු 14 හැවිරිදි කුඩා දරුවකුට අමානුෂීක ලෙස පහර දීමේ චෝදනාවට අදාල සැකකරුවන් කල්පිටිය පොලිසිය විසින 30 දින සවස අත් අඩංගුවට ගත් බව කියයි. 31 July 2023
බස්නාහිර ඩෙංගු තවාන තවත් සරුවෙයි මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 56,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 31 July 2023
නෙළුම් කුලුනට වාර්ෂිකව පැනුම් ක්‍රීඩකයන් 10,000ක් සිංගප්පූරුවේ ප්‍රකට ත්‍රසජනක සහ විනෝදාත්මක ක්‍රීඩා සමාගමක් වන ‘ගෝ බංගි’ සමාගමේ ක්‍රීඩකයන් 10,000 කට අධික පිරිසක් වාර්ෂිකව මෙරටට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇතැයි නෙළුම් කුලුන කළමනාකාරිත්වයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 31 July 2023
අංගොඩ රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන මානව කොමිසමෙන් සොයයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. 31 July 2023
රජරට ලංගම බස් වැඩ වරයි හොරොව්පතාන ලංගම ඩිපෝවේ රියැදුරකුට සහ කොන්දොස්තරවරයකු ට පහරදීම සිද්ධියකට විරෝධය බා රජරට ප්‍රාදේශිකයේ ලංගම ඩිපෝ 7ක සේවකයෝ අද පෙරවරුවේ සිට බස් ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරතව සිටිති. 31 July 2023
දෙනියාය - අකුරැස්ස මාර්ගය මඟහරින්න උපදෙස් ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගය හෙට (1) පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදයක් ඇති වියහැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි. 31 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026