
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් ගත් ලොරියක අද (26) අලුයම ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එයින් අයෙකු මිය ගිය බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ රත්ගම ගනේගම කපුහේන වත්ත පදිංචිව සිටි කමල් සොයිසා නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි
පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය වෙත මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට යමින් සිටියදී අද (26) අලුයම 2 ට පමණ මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි
හම්බන්තොට සිට කුරුණෑගල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය කොළඹ දෙසට ඉදිරියෙන් ධාවනය වීමේදී අනෙක් කුඩා ලොරිය පිටුපසින් පැමිණ සිමෙන්ති ලොරියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අනතුරු නැවැත්වීමට කිසිම පියවරක් ගන්නේ නැහැ. දවසකට තිදෙනෙක් මරුට ගොදුරු වෙනවද?
අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු වලින් සියයට අසූවක් පමණ ක්ම බර වාහන, කන්ටේනර් සහ ලොරි නිසා සිදුවන අනතුරු අනතුරුයි. බර වාහන අධිවාදිවේගී මාර්ගය භාවිතය තහනම් කළොත් ජීවිත රැසක් බේරා ගන්න පුළුවන් වෙයි