
(තිලකරත්න දිසානායක)
ගම්පහ කාන්තා නියෝජනය දකිනවිට ඉදිරි ඡන්දයක් තියයිද යන සැකය පවතිනවා. නමුත් අධික කාන්තා සහභාගිත්වය දකිනවිට ඡන්දය නොතියා සිටීමට ඉන්න බියවනු ඇති විය හැකි යැයි ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද සවස ගම්පහ දී පැවසීය.
" ගැහැනු අපි එක මිටට මාලිමාවට " යන්න තේමා කරගනිමින්, ගම්පහ නගර සභා පිටියේ පැවති ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අනුර දිසානායක මහතා මහතා එසේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව... !
පාලකයින් විතරක් නොවෙයි, ඔවුන්ට ආවඩන අය සමග යටි ගණුදෙනුව තියෙන නිලධාරීන්, ව්‍යාපාරිකයින් හා මාධ්‍ය ආයතන සියල්ලම තුශ්නිම් භූත වෙලා බලාගෙන ඉන්නවා වෙන්නේ මොනවාද කියලා...
අපි දැක්කා බස්වලින් කාන්තාවෝ එකතු කරනවා. ඔබලාගෙයි, ඉන්න අයගෙයි, කරපු අයගෙයි වෙනසක් පේන්නේ නෑ අනුර...
ජනාධිපතිතුමන් උදාකළ මේ රටේ ස්ථාවරත්වය සංවර්දනය... කිසිදිනක අමතක නොකරමු. රනිල් මැතිතුමා නැවතත් රටේ ජනාධිපති වේවා...!
රටේ පවතින පාලනයේ කාලය අවසන් වෙනවිට මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න ඕන කවුරු කොහොම කිව්වත් මම මාලිමාවට අකමැති හේතුවක් කියන්න ඕන මගේ ළගම නෑයෙක් මාලිමාව ජයග්‍රහණය සදහා කටයුතු කරනවා ඔහු සෑම විටම අපේ අදහස් අබමල් රේණුවක තරමින් ගණන් නොගෙන ඔහුගේ අදහස අපිට පොවන්නම දගලනවා අපි යමක් කිව්වොත් ඔහු අධික කෝපයට පත්වෙනවා බණිනවා එහෙම ඒකාධිපතිත්වයක් යටතේ ඉන්න බැහැ ඉතින් අපිට හිතන්නේ මාලිමාවෙ ඉන්නෙ එහෙම උන්ගේ අදහස් පමණක් හරි අනුන් වැරදියි කියන පිරිසක් කියලා තමයි අපිට හිතන්නේ එහෙම බැලුවම අනුන්ට ඇහුම්කන් නොදෙන ඔවුන්ට හොද නරක තේරුම් ගන්න බැහැ කියලා පේනවා ඒක ඔවුන්ට අකමැති වෙන්න හේතුවක් වුනා
Weerasingha ඒක ඇත්ත නම් ඒක ඔබේ පවුලෙ ජානගත ප්‍රශ්නයක්, කෙසේ වෙතත් රටේ හැමෝම යමක් තේරුම් ගෙන මෙතනට ඇවිත් ඉන්නෙ, බලෙන්වත් රවටල වත් අරක්කු බත්පාර්සල් වලට වත් නෙවෙයි. නමුත් රටේ ජනතාව බහුතරයක් මෙතෙක් කල් අනන්ත රැවටීම් වලට ලක්වෙලා ඉන්න බව අමතකද? ඔබේ දියනියගෙ තර්ක පිලිගන්න එපා මෙතෙක් රටට වෙචදේ ගැන හිතන්න. අනෙක සමහරු පිලිගන්න පුලුවන් කාරනා දහසක් තිබියදීී නොවැදගත් එක් හේතුවක් සොයාගෙන පරන මතයේ ඉන්න කැමතියි ඒක මනුෂ්‍ය ස්වාභාවය.
Hira බස්වලින් තමයි එන්නේ... පයින් නෙවෙයි දැක්කාද ඔබලාගේ සමෘද්ධි කපනවා නාවොත්, කසිප්පු පැකට්, සල්ලි බෙදනවා, නැත්නම් එක්එක අපේක්ෂකයාගේ හංවඩු බෙදනවා එහෙම? එහෙම නැත්නම් මේ එන්නේ බොක්කෙන්, ඔබට දරාගන්න අමාරු ඇති සම්ප්‍රදාය කැඩෙනවාට, දැන් මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා...!