(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හැලගල ආසන්නයේදි සහල් පටවූ කන්ටේනර ලොරියක් අද (26) උදේ පාර හරහා පෙරලීම නිසා සහායකයා තුවාල ලද අතර පැය තුනකට වැඩි වේලාවක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා සිදුවිය.

මැදිරිගිරියේ සිට කලුතර බලා සහල් ගෙන යමින් තිබියදී රියදුරාට නින්ද යාම නිසා පාලනය කර ගැනීමට නොහැකිව උදේ 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය අනුමාන කරයි.

පොලිසිය මැදිහත්වීමෙන් සහල් තොගය වෙනත් රථයකට පටවා පිටත් කරවීමට පියවර ගැනීනි.

අනතුරින් තුවාල ලැබූ රිය  සහායකයා වරකාපොළ රෝහලට  ඇතුළත් කර ඇතැයි දංඕවිට  පොලිසියේ රථවාහන අංශය සඳහන් කළේය.

දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුෂ්‍යන්ත පෙරේරා රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගම්ලත් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි