(අංජුල මහික වීරරත්න)
පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.
ඒ අනුව මෙරට 10126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ මීට අදාල සියලු තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ඉදිරි දින කිහිපයේදී දැනුම් දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට රැවටෙන්න එපා, ඕවා ලොතරැයිවල දිනුම් මුදල් යටිමඩි ගැසීමෙන් සහ අයවැයෙන් තමන්ට වෙන්කර ගන්න මුදලින් කරන මැතිවරණ ප්‍රචාරණ. රටේ ළමුන් මන්දිරයට ගෙන්වලා දේශනා කරලා තවත් නවතම රැවටීමකට අසුවෙන්න එපා... අපේ සල්ලි අපටම බෙදනවා.