බිරිය අනියම් සැමියා සමග දුවද්දී සැමියා රෝද තුනට ගිනි තබයි සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් තුළ සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 August 2023
උඩවලවේ ගොවීන් ගැන මොණරාගල ගොවි සිත් උණු වෙති ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින උඩවලව ජලාශය යටතේ වගා කළ කුඹුරු වලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොණරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 August 2023
බඹන මතින් වලියක් දැමූ පොලිසියේ තුනක් කොටු බීමතින් කලහකාරී ලෙස හැසිරීමින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(1) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 02 August 2023
පොලිස් ස්ථානවලට වසරකට කෝටි 11 කුලී පදනමට ගත් ගොඩනැගිලිවල පොලිස් ස්ථාන 121 ක් පවත්වාගෙන යන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් කෝටි 11ක මුදලක් වැය කරන බව පොලිස් කළමනාකරණ කොට්ඨාසයේ දත්ත අනාවරණය කරයි. 02 August 2023
අලෙවියට මඟක් නැති රාගල පෙයාර්ස් ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ රාගල පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට ලක්ව ඇතැයි රාගල පොයාර්ස් ගොවීහු පවසති. 02 August 2023
අහෝ වාදිභසිංහ භූමියට ගිය කලක් ඓතිහාසික පානදුරාවාදයෙන් ලෝක ප්රකටව බෞද්ධ පුනරුදය මෙරට යළි ස්ථාපිත කිරීමට දායක වූ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණනානද නා හිමියන් නමින් පානදුරේ ඇති වාද භූමි ගොඩනැගිල්ල මේ වන විට ලඳ කැලෑවෙන් වැසී පරිහානියට යමින් පවතී. 02 August 2023
සෞඛ්‍ය ලේකම්ගෙන් වෘත්තීය සමිති වලට කැඳවීමක් සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3) කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසීය. 02 August 2023
මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හ්බලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන පුද්ගලයින් අට දෙදෙනෙකු පොතුවිල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 02 August 2023
උණුසුම වැඩියි: ඉරානයට නිවාඩු රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු හටගෙන ඇතැයි ද පැවැසෙයි. 02 August 2023
ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය 02 August 2023
‘‘පළාත් ඡන්දය තියන්න බල කරන්න‘‘ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් ඉල්ලා සිටියහ. 01 August 2023
දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01 August 2023
විජයගේ පිළිරුවට ගල් ගහලා දෙහිවල පොදු වෙලද සංකීර්නය ඉදිරිපිට ඉදි කර ඇති ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසියම් පුද්ගලයකු විසින් ගල් පහරක් එල්ල කිරීම නිසා හානි සිදුවී ඇත. 01 August 2023
ලක්ෂ 80ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් මාට්ටු ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රණාලේ ඌරැ ජුවා නැමැත්තාගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස දුරකතන ඇමතුමක් ලබා දී අතුරැගිරිය ඔරැවල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ අසූවක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජනය කළ විශ්‍රාමික නාවික හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරැගිරිය පොලිසිය පවසයි. 01 August 2023
රන් මිල ඉහළට ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල වේගයෙන් ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 01 August 2023
අභිනව නා හිමිට ජුම්මා පල්ලියෙන් උපහාර මල්වතු මහා විහාර පර්ශවයේ සත් කෝරලේ මහ දිසාවේ අභිනව උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කඩවලගෙදර විමලරත්න නා හිමියනට මඩිහේ මිදියාල ජුම්මා මුස්ලිම් පල්ලියේදී මවුලවි තුමෝ ඇතුළු පිරිසක් උපහාරය පුද කළහ. 01 August 2023
මාස හතකදී සංචාරක ආදායම ඩොලර් මිලියන 800ක් මේ වසරේ පළමු මාස හත ඇතුලත සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇතැයි ද එයින් ඇමරිකා ඩොලර් මිලියන 800ක අදායමක් ලබාගැනීමට හැකිවූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 01 August 2023
දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ජැෆ්නා පරාජය කරති ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 සිවුවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් වූහ. 01 August 2023
ඉදිරි ආහාර හිඟයකට දැන් තියා සූදානම් වෙයි අතරමැදි කන්නයේ මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 01 August 2023
වවුනියාවේ ඝාතකයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර වව්නියාව ප්‍රදේශයේ දී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙන පැය 48ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය. 01 August 2023
වැරදි විධානයකින් වොයේජර් 2 සබඳතා බිදවැටිලා නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටී ඇත.වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19.9 දුරින් ස්ථානගත වී තිබේ.මිනිසා ඈත විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති වස්තුව වොයේජර් 2 අභ්‍යවකාශ යානය වේ. 01 August 2023
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමන්නේ නෑ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 20 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් පවසයි. 01 August 2023
සිරකරුවන් වැඩිවෙලා: බන්ධනාගාරෙ ඉඩත් නැතිවෙලා 2023 ආරම්භයත් සමගම දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැදවියන්ගේ ප්‍රමාණයේ සියයට දෙසියකින් සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි 01 August 2023
ඉන්දියානු ජාතිකයකු ලෙස හිඳ කෝටි ගණන් වංචා කරලා ඉන්දියානු ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රවටා කෝටි ගණනින් මුදල් වංචා කරමින් සිටි අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 01 August 2023
කුකුළු මස් මිල 100කින් අඩු කරයි දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 01 August 2023
ජාතික ගීය විකෘති කළාට සී.අයි.ඩියෙනුත් විමර්ශනයක් ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත. 01 August 2023
වස් කාලය නිමිත්තෙන් අවුන් සාන් සුකීට සමාව හමුදා කුමන්ත්රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 01 August 2023
‘‘බොන්ජෝ‘‘ ත්‍රිරෝද හොරා අල්ලා ගනී ගිරාඹේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රාත්‍රී කාලයේ නතර කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන ගිය බව කියන පුද්ගලයකු පොලිස් නිල සුනඛ බොන්ජෝ කිලෝමීටර් තුනක පමණ දුෂ්කර දුරක් ගෙවා ගොස් ලබාදුන් හෝඩුවාවක් අනුව අඹගස්දෝව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 01 August 2023
දහතුන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 01 August 2023
ලාල් සරත් කුමාර දිවි රඟ මඩලට සමුදෙයි විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හඬ කැවීමේ ශිල්පියකු ලේඛකයකු සහ රංග ශිලිපියකු වන ලාල් සරත් කුමාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. 01 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026