(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක අභිරහස් ලෙස සෙබළුකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේම ක්‍රීඩා උපදේශකවරුන් ලෙස කටයුතු කරන සෙබලුන් සිව් දෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
එම සෙබළුන් සිව් දෙනා යුද හමුදා පොලිසිය භාරයේ රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වූයෙන් සෙබලාගේ මරණය සිදුවූ ආකාරය වසන් කිරීම සහ තොරතුරු වසන් කර සත්‍යය තොරතුරු පොලිසිය වෙත ලබා නොදීම යන කරුණු පදනම් කරගෙන අත්අඩංගුවට ගෙන ඇත
ඉකුත් ජනවාරි 27 වෙනි දින මෙලෙස මියගොස් තිබුනේ ඇතිලි වැව ,නොඑල්ල ජනපදයේ පදිංචිව සිටි දොඹගොඩ යුද හමුදා යුද උපකරණ බලකායේ ක්‍රීඩා ප්‍රදේශකවරයෙකු ලෙස කටයුතු කළ තරිඳු ලක්ෂාන් නමැති 24 හැවිරිදි නිලධාරියෙකි
මියගිය සෙබළා සහ සැකපිට අත්අඩංගුවට ගත් සෙබළුන් සිව් දෙනා හමුදා කඳවුරේ කාමරයක සාදයක් පවත්වා ඇති අතර කඳවුරු තුළ ඇති පොකුණේ තරඟයට පිහිනමු යැයි යෝජනාවක් ඔවුන් අතරින් පැමිණ ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙබලාගේ මරණයට සෙබළුන් හතරක් සැකපිට