ගෑස්වලට හෙට මොනවා වෙයිද? ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව හෙට (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහළ යනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 03 August 2023
ඒකීය රටක බලය බෙදන්න එකඟයි ඒකීය රටක බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 August 2023
පොලිසියට පාට් දමා වෛද්‍යවරයාට, වෛද්‍ය සිසුන්ට පනින්න බැරිවේ උණවටුන වැල්ල දේවාල උත්සව භුමියේදී වෙළඳසලක සේවකයකුට පහරදි සංචාරක පොලිසියේ නිලධාරින්ට සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෙද්යවරයකු සහ වෛද්‍ය පිඨයේ සිසුවකු ද සිසුවියන් තිදෙනකුද එක් අයකු රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. 03 August 2023
‘දීඝවාපියට ගඩොලක්’ වැඩසටහන ඇරඹෙයි දීඝවාපි මහා සැරදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස්කිීමට ‘දීඝවාපියට ගඩොලක්’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් දීඝවාපි පුදබිමෙදී පසුගියදා පැවැත්විණි. 03 August 2023
තෝණිකල් සිද්ධිය ප්‍රධාන සැකකරු මාට්ටු වවුනියාවල තෝණිකල් ප්‍රදේශයේ නිවෙසක උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී තියුණු ආයුද රැගත් පිරිසකගේ පහරදී එම නිවෙසට ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අහමඩ් රහිම් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය. 03 August 2023
මන්ත්‍රී ගිනි අවිය සුද්ද කරද්දී පත්තු වී සිවිල් සෙබළා රෝහලට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනියුක්ත ව රාජකාරි කරන පොලිස් පොලිස් සැරයන්වරයකු මන්ත්‍රීවරයාට අයත් පිස්තෝලය පිරිසිදු කරන අතරතුර එය ක්‍රියාත්මක වීමෙන් සිවිල් ආරක්ෂක සෙබළකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ මූලස්ථාන පොලිසිය පවසයි. 03 August 2023
ජල මිල ඉහළ නැංවීමට එරෙහිව සජිත්ගෙන් රජයට චෝදනා අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 03 August 2023
රන් මිල පල්ලම් බසී දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) දිනයේ තරමක් පහත බැස ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 03 August 2023
ඉරානයේ ඉන්ධනවලට ඩොලර් මිලියන 500ක තේ ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 03 August 2023
නුසුදුසු පෙරපාසල් ගුරුන්ට ඇමති වැට බඳී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (03) කඩුවෙල බෝමිරිය දී පැවසීය. 03 August 2023
රජරට ගෙවියෝ කැලෑ වදිති රජරට බල පා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක වැසියෝ ඝන කැලෑවට හා කුඩා වන ලැහැබවලට රිංගා බෙහෙත් ඖෂධ සොයමින් දිවි ගෙවන පුවතක් වාර්තා විය. 03 August 2023
ජල ගාස්තුව සියයට 106 කින් ඉහළට මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 03 August 2023
කොට උඩ ගිය විදෙස් ආධාර ව්‍යාපෘති යළි අරඹයි විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික අර්බුදය නිසා නතර කෙරුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 03 August 2023
ගන්නෝරුව සෙනසුරාදා තෙක් විවෘතයි ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා ලබන සෙනසුරාදා(5)තෙක් විවෘතව තැබීමට තීරණය කර තිබේ. 03 August 2023
පාරකට නමක් දාන්න ගිය ඇමැති සිරිපාලට විරෝධයක් මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ඒල්ලවූහ. 03 August 2023
ඉන්ධන පැන්නූ තෙල් සංස්ථාවේ ලොක්කා රට පැනලා රුපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන අස්ථාගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති මහා පරිමාණ වංචා සිද්ධියක චූදිතයෙක් යැයි කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් හොර රහසේ විදේශගත ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 August 2023
කුමාර වෙල්ගමට පහරදෙයි හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි. 03 August 2023
මිහින්තලා පුදබිමේ විදුලි විසන්ධි කරයි මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 03 August 2023
වව්නියාව පාස්පෝට් කාර්යාලයේ සේවා සීමාකරයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කරමින් අද (3) සිට උතුර සහ නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 August 2023
උමාරා සමාව ඉල්ලයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භ උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පැවසන්නීය. 03 August 2023
මලාපවහන ගාස්තුත් ඉහළට ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව අද (3) සිට මලාපවහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 August 2023
රිය අනතුරින් හිටපු මන්ත්‍රී රෝහලේ වැල්ලවාය මොනරාගල මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේදි ලංගම බසයක් හා කැබ් රථයක් ගැටමෙන් සිදුවු අනතුරකින් ඌව පලාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වු උදය කුමාර මහතා තුවාල ලබා මොනරාගල මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 03 August 2023
ජපන් සහයෙන් කෘෂිකර්මය නංවන්න වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය සඳහා තොරතුරු තාක්ෂණ වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසක් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 03 August 2023
බිරිඳ වෙනුවෙන් මල් වත්තක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවියෙකු වූ ලී විල්සන් මහතා තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කර තිබේ. 03 August 2023
ගවයින්ට තණකොළ නැතැයි උද්ඝෝෂණයක් පවතින දැඩි වියලි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැතිවීම හේතුවෙන් කිරි නිශ්පාදනය දැඩි ලෙසින් අඩු වී ඇතැයි කිලනොච්චියේ කිරි ගොවීහූ කියති. 03 August 2023
වැඩ නැති තැන් වල පශු වෛද්‍යවරු වැඩ ඇති තැන් වලට අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු වෙනත් අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස පශු වෛද්‍යවරුන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා ඇත. 03 August 2023
අම්බලන්තොට පොළොව හෙල්ලෙයි ? අම්බලන්තොට බැරගම මහආර ප්‍ර දේශයේ රාත්‍රී හතයි විස්සට පමණ පොළව සෙලවී ගිය බව එම ප්‍ර දේශයේ නිවැසියෝ කියති. 03 August 2023
එස් අයි ලෙස පෙනී හිද වෙළෙන්දා රැවැටු සැරයන් අල්ලයි කොම්පඤ්ඤවීදිය පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් එම පොලිසියේ භෝජනාගාරයට ලැබී ඇති බිත්තර අඩංගු පෙට්ටි දහයක් ලබා දිය හැකි බව පවසා සිල්ලර වෙළඳසැල් හිමියකු රවටා රුපියල් පනස් දහසක මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයකු නාරහෙන්පිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 03 August 2023
කඩුවෙල ඝාතනයට තුනක් සැකපිට කඩුවෙල වැව පාරේ තිබී හමුවූ හමුවූ මල සිරුරේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි. 03 August 2023
බස්නාහිරට - සබරගමුවට සුළු වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශකයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. 03 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026