(අංජුල මහික වීරරත්න)
පොලිස් බලතලවලට අතගහන්නේ නැතිව බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ක්රියා කළ හැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තුනෙන් දෙකක බලය ලබාගත යුතුව තිබෙන බව කී ජනාධිපතිවරයා ඉඩම් බලතල සම්බන්ධයෙන් ජාතික ඉඩම් කොමිසමේ පනත අනුව ක්රියා කරන බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙමළ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා දැන් ඉටු කරන්නට තිබෙන්නේ සහජීවනයේ අන්තිම කොටස බව සඳහන් කළේය.
"සංහිඳියාව සඳහා ආගම්'' යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී පැවති 2024 අන්තර් ආගමික සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් බෙදලා බෙදලා රජකම රැකගන්නකෝ. අනාගත පරපුරට පුළුවන්නේ රට ජාතිය බේරගන්න යුද්ධ කරන්න.
ඔන්න ඔහේ දීලා දාන්න සර් අනිත් ඒවාත් දෙන එකේ... මීට කලින් අපි කෑල්ලක්ම දෙන්න හැදුවේ, හා නැද්ද?
මුළු රටම විකුණන් කන එකේ ඕක මොකක්ද? ඡන්දයකුත් ළඟ එන බව නම් දෙන හරිම පැහැදිලියි.
ලොක්කා මාමා සහ රජීව් ඝාන්ධි අතර දෙමළුන්ට බලය බෙදාදීමේ ගිවිසුම ජනතාවගේ කැමැත්තෙන් සිදුවුන ගිවිසුමක් නොවේ. වතු දෙමල්ලු ඉන්දියාවට පැටවීම ශ්රීමා - සාස්ත්රී ගිවිසුම් ජනතාවගේ කැමැත්තෙන් සිදු උන රටට වැඩදායක ගිවිසුමකි. බලතල බෙදන්න කලින් ශ්රීමා - සාස්ත්රී ගිවිසුම් ක්රීයාත්මක කරන්න. තවටික දවසකින් වතු දෙමළා ඉන්දියානු සහයෙන් උඩරට වෙනම රාජ්යක් ඉල්ලන විට අපිට ඔබේ වලට හෙන ඉල්ලන්න වෙනවා ෂුවර්.