(විමුක්ති එස් රුද්‍රිගු)
රැඳවුම් බාරයේ සිටින සළිඳු මල්ෂිත නොහොත් කුඩු සළිඳු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් උගුර, කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ ඉවෝන් නිරාෂා මහත්මිය මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.
සළිඳු මල්ෂිත අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔහුව සාමාන්‍ය වෛද්‍යවරයකු පරික්ෂා කළ අවස්ථාවේදී උගුර, කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම සුදුසු බව එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවත් නීතිඥවරිය අධිකරණයේදී පැවැසුවාය.එම වෛද්‍යවරයා සළිඳු මල්ෂිතට දින 5 කට බෙහෙත් ලබා දී ඇතත් එම බෙහෙත්ද මේ වන විට අවසන් වී තිබෙන බවත් නීතිඥවරිය ප්‍රකාශ කළාය.
සළිඳු මල්ෂිත රඳවා සිටින්නේ පුද්ගලික රෝහලක නොවන බැවින් සැකකරුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නියෝග නිකුත් කළ නොහැකි බවත් අධිකරණය කාර්ය භාර්ය වී ඇත්තේ රැඳවුම් බාරයේ සිටින සැකකරුගේ යහපැවැත්ම සහතික කිරීම පමණක් බවත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවැසුවේය.ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කිරීම පමණක් සිදු කරන බවත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටකට යවලා සනීප කරගමුද? රටක් වටිනා මිනිසුන් රැකගන්න ඕනෑනේ...