(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා දැමූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගම්පහ දුම්රිය ස්ථානයේ එම ප්‍රවේශපත් කවුරු දෙක වසා දැමීමෙන් මගී ජනතාව ප්‍රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක්  දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවූ බවත් බොහෝ මගීන්ට ගමනේ යෝජිත දුම්රිය වෙනුවෙට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.