IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදුලි බලය අත් නොහරී

(යොහාන් භාසුර)

ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී  විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර සමග  සාකච්ඡාවක් පැවැත්වූහ.

ඉන්දියාව සමග සැලසුම් කර ඇති විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන, මෙගාවොට් 130ක සාම්පූර් විදුලිබල ව්‍යාපෘතිය, යාපනය දිස්ත්‍රික්කයේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්‍යුත්කරණ ව්‍යාපෘතිය මෙන්ම ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක වන අනෙකුත් පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මෙන්ම එහි වත්මන් ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 

ඉන්දියානු විදුලිබල අමාත්‍යාංශය, ඉන්දියානු මධ්‍යම විදුලිබල අධිකාරිය, ඉන්දියානු ජාතික තාප බලශක්ති සමාගම, පවර් ග්‍රිඩ් සමාගම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්ගෙන් සමන්විත ඉන්දියානු දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිමින් දෙරට අතර විදුලිබල සහයෝගිතාවය සම්බන්ධයෙන් වූ සාකච්ඡා සදහා සහභාගි බීමට නියමත බවද මාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදුලි බලය අත් නොහරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site