(අංජුල මහික වීරරත්න)
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය කියයි.
ඒ අනුව දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114 354601 දුරකථන අංක ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව සලසා ඇත. www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද උරුමයට ලියාපදිංචි වීමට පහසුකම් සපයා තිබේ.
1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනා අතර සුවිශේෂී යෝජනාවක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන බලයක් නැති පිනා රටේ ඉඩම් බෙදන්නේ කොහොමද? නඩු අසා වරදකරු වුණු පසු එල්ලා දැමිය යුතුයි.
මේ රටේ නැවත ජනාධිපති කළ යුත්තේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා...