(ප්‍රියන්ත දසනායක)

මාසය හයකට අධික කාලයක් පැවැති වර්ෂාවත් මාසයකට අධික කාලයක් පැවැති වියළි කාලගුණයත් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර 3000ක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේවතු හිමියෝ පවසති.

මේ වන විට කුඩා තේ ඉඩම්වල තේ දළු ඵලදාව ද ඉතා සීඝ්‍රයෙන් පහත වැටීම නිසා තේ දළු නෙලන්නියෝ ද දැඩි අපහසුතාවයට පත්ව ඇත.

නිල්වලා ගඟේ ලවන බාධකය නිසා ජලය බැස නොගිය නිසා තේ ගස් විනාශ වෙද්දී පොහොර ගැටළුවත් අධික වියලි කාලගුණයත් නිසා ඉතා සීඝ්‍රයෙන් තේ ගස් විනාශ වී ගොස් ඇති අතර දළු අස්වැන්න අඩුවීමෙන් දළු නෙලන්නට දෛනික කුලී ගෙවීමට නොහැකි වී ඇති බව කුඩා තේ ඉඩම් හිමියකු වන අකුරැස්ස පරදුව ඥාණසිරි සමරවික්‍රම මහතා පවසයි.

දිනපතා රැකියාව කළ තමාට දැන් සතියකට එක් දිනක වරුවකට රැකියාව සීමා වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ජනජීවිතයට බාධා එල්ල වී ඇති බවද ජීවත් වීමට තිබූ එකම ආදායම් මාර්ගය නතර වී තිබියදී සමෘද්ධි හා අස්වැසුමත් නතර කිරීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඇතැයි ප්‍රදේශයේ තේ දළු නෙලනනියක වන නාලනී ලියනගේ මහත්මිය පැවැසුවාය.