(ගයාන් සූරිය ආරච්චි)

තංගල්ල ප්‍රදේශයේ සිට මාතර දෙසට ධාවනය වූ ලොරි  රථයක් තලල්ල ප්‍රදේශයේදී  තිරෝද රථයක ගැටීමෙන් තිරෝද රථයේ ගමන් කළ මව මියගොස්   පියා දරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනකු බරපතල තුවාල ලබා තලල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගන්දර පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු තිස් එකක කප්පරවැල්ල කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි කාරණීයක බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව අවුරුදු 14ක දියණිය සහ මාස එකොළහක පුත්‍රයා සමග තවත් ඥාති පුතෙකු ත්‍රිරෝද රියෙහි ගමන් කර ඇති අතර එම කාන්තාවගේ සැමියා තීරෝද රථය පදවාගෙන ගොස් තිබේ.