
(සුමිත් පොතුපිටිය )
පොතුපිටිය මහා විද්‍යාලයේ ආහාර ප්‍රදර්ශනයක අලෙවිය සදහා තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සොසේජස් සහ රසකැවිලි ඇතුළු ආහාර තොගයක් භූමිතෙල් දමා පුලුස්සා විනාශ කල බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි .
වෙළද ප්‍රදර්ශනයක මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන බවට ලද තොරතුරක් මත වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනියගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක ව්න් කණ්ඩායමක් ඊයේ රාත්‍රි වැටලීම කර තිබේ.
මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දමින් ස්වස්ථතා නීතිය කඩකරමින් එකී ආහාර ද්‍රව්‍ය අලෙවියට සූදානම් කර තිබූ බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුස්සලා විතරක් මදි... දඩ ගහලා හිරේ යවන්න ඕනෑ.