(යොහාන් භාසුර)
මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
නාමල් රාජපක්‍ෂ මහතා කොල්ලුපිටියේදී පැවති රැස්වීමකදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අද (25) එසේ පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසන බවත් මෙරට 75 වසරක සාපයක් ගැන කියනවා නම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කර අවුරුදු 30 ක යුද්ධය පටන් ගත්තු අය ද වගකිවයුතු බවත් ඒ මහතා කීය.
තරුණයෝ 60,000 ක් 88-89 ඝාතනය කරපු අයත් එයට රටේ කඩා වැටීමට වගකිව යුතු බව කී නාමල් රාජපක්‍ෂ මහතා බස් ගිණි තැබූ, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු අය වගේම පසුගි කාලයේ අරගල කරලා ගෙවල් දොරවල් ගිණි තී්‍යෘ රටේ ආර්ථිකය වට්ටලා සංචාරක ව්‍යාපාරය වට්ටපු අයත් වගකිවයුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මහත්තයෝ වැරැදිකාරයෝ දන්නවා නම් දාන්නකෝ නඩුවක් ඔක්කොගේම නම් ගම් කෙරුවාවල් දාලා. අධිකරණය ඉදිරියේ වැරැදිකාරයෙක් වුණාට පස්සේ රටේ මිනිස්සු තීරණය කරයිනේ මොනවද කරන්න ඕනෙ කියලා...
අධිකරණයෙන් තීන්දු වුණා නේද ඔහේගේ අප්පයි බාප්පලා මේකට වගකියන්න ඕනෑ කියලා...!
මේ රටට ලොකුම සාපය පොහොට්ටුවේ අය, තොවිලයක් නටලා ඒ සාපය ඉවර කරලා ඉමු...
අරගලේ වගකියන්න ඕනෑ කියනවා. ඒත් අරගල කලේ ඇයි කියලා හැමෝටම අමතකයි.
දරුවෝ තුන් දෙනාගේ සාපෙ ඊට ලොකු නැද්ද...?
83 සහ 88-89 ප්‍රධාන ඝාතකයෙක් ජනාධිපති පුටුවේ තිබ්බේ කවුද කියලා අමතකද බූරු පුතේ
අනේ පලයන් යන්න පල් හොරා
අනේ බේබිට අප්පච්චිගෙ ඔටුන්න තියෙනකොට කරපු දේවල් අමතකද. ඒ දේවල් කෙරුවේ මිනි මැරුවේ ගැහැනු දූශනය කෙරුවේ. රට පෙරලන්නද. උඹලගෙ පරම්පරාවටම යන එන මන් නැති වෙන ලකුනු පේනවා නේද. උඹලගෙ පවුලේ උන් තක්කඩි වැඩ කෙරුවේ. ඒ කරපු දේවල් මහා පරිමාන හොරකම් දූශන මිනිමැරුම්. මේ සේරම කේරුවෙ. උබලගෙ වාසියට මිසක් රටක ට වැඩක්නැති දේවල් මෙදා සැරේ දෙවියො වදින්නෙ නැහැ වගෙ. චන්දෙට ප්‍රතම. කරපටිය ටිකක් දිගට මහලා තියා ගන්න කට්ටිය
ජනතාවට ආසියාවේ ආශ්චර්යය ,සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් ,මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ උන් කරපු විනාසේ ඒ ඔක්කොටම වැඩී. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවේ ,හොඳට තිබුනු අපේ රට ලෝකෙම හිගාකන තත්ත්වයකට පත්කෙරුවේ තමුන්ගේ හතර වරිගෙම අය මිසක් වෙන කවුරු වත් නෙවෙයි .ජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු .රටටම සාපයක් .
මුන්ට කරුනා වගේ උන් දේශපාලනයට ගේන්න හොඳයි .දැන් මුන් විකාර දොඩවනවා
තොපි හොරාකාපු නිසා තමයි රට බංකොලොත් උනේ.උඹලාගේ හැතිකරේ හොරා කාපු තරමට වෙන මොකෙක්වත් හොරාකාලා තියනවද ගොනෝ ?
මරු විකල්ලෙන් කියවනවා වගේ ?
ඇයි ලොක්කා 1971 කාලයේ ජෙප්පො කල විනාශය ගැන නොකියන්නෙ නුඹේ අප්පොච්චි මුලින්ම පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිරිමාවෝ කාලයේ තරුණයෝ මරද්දී ඒකට තමුන්ගෙ අප්පොච්ච් අත උස්සපු නිසාද ඒ කාලයේ තරුණයෝ කකුල් දෙකෙන් ගස්වල එල්ලලා යටින් මිරිස් කුඩු දුම් ඇල්ලුවා කියලා අහල නැද්ද ඒකාලේ විවිධ වධහිංසන කර තරුණයෝ තරුණියෝ මරාදැමීමට කටයුතු කලා ඒ කාලයේ තිස් දාහකට නොඅඩු මිනීමැරුම් කලා ඒකාලේ ප්‍රශිද්ධ ප්‍රේමවතී මනම්පේරි වගේ අය මරපු ආකාරයට තමයි අනෙක් තරුණ තරුණියෝ මරාදැමීමට කටයුතු කලේ..කොහොම වුනත් 56 දී සිදුකලා කියන මහලොකු පෙරලිය යුද්ධය ඇතිවීමට මූලිකම හේතුවක් වුනා 88/89 කාලයේ විපක්ෂයේ ප්‍රභලයින් එකල ආණ්ඩු පක්ෂයේ ගම් මට්ටමේ සාමාජිකයන් මරාදැමීමට කටයුතු කලා ඒවා වහල තමුන්නැහැ සුදනා වෙන්න හදන්නෙ තමුන් ඒකාලේ පොඩිඑකා නිසා වෙන්න ඇති ඒ නිසා ගහ දන්න අපිට කොල කඩල පෙන්නන්න අවශ්‍ය නැහැ මේක සිහියට ගන්න ලැදිව රජෙක් බොරු බස්කී විගස කයා නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කයා .........මෙලොව සතුනි ඉන් බොරුකීම නරකයා
ඒ තත්වයට පෙළඹ වීමට තුඩු දුන් එවකට පැවති රාජ්‍ය පාලනය ගැන මොනවාද කියන්නේ?
තමුසෙට අදද ඕක නරක් උනේ , අප්පට බලය ගන්නකොට හොඳයි, තමුසෙලට පේන්නෙ ඒ අඳුරු වසර කීපය පමණයි , ඒ කාලෙ පාලකයො ජනතාවට කොතරම් අසාධාරණකම් කලාද කියල අමතක උන් තමුන්ල රකින නිසානේද, ? රටේ කලු ජූලිය ඇතිකලේ ජවිපෙද? ඒ මුවාවෙන් ජවිපෙ තහනම් කලේ අද තමුන්ල රකින රනිල් සහ එයාගෙ මාම, කලගෙඩි ලාම්පු නටල ප්‍රජාතන්ත්‍රවාදය අකුලල ජවිපෙ කැලෙට දැම්මට ඔය රනිල් වගකිය යුතුයි. තමුන්ලට කියන්න දෙයක් නැති කමට ජවිපෙට දොස් කියනව ඔව අහන කෙනෙක් නැහැ .
මෙයා මරු විකල්ලෙන් කියවනවා .චන්දෙ තියලා බලන්නකෝ
අනේ පල බොරු නොකියා .තොපිලා දෙගොල්ලා හොඳ බඩු .මාලිමාවට ජය වේවා .88/89 ගැන ලියපු පොත් කියවපන් නොදන්නවා නම්
NPP රුකේ දැන් ගෙඩි හැදිලා බරවෙලා ඒකට නාමල්ට ඉරිසියාව ,කුහක කම මොකද මැද මුලනේ දැන් පලදාව නැහැ නේ ,ඒවා ඔක්කොම පලු වෙලා ගිහිල්ලා .ඔය හිතේ අමාරුවට කියන කතා
රටේ ජනතාව දන්නවා මේ රටේ ලොකුම සාපය රාජපක්ෂ සාපය කියලා
83' නාමල් ඉපදුන අවුරුද්දේ, ගිනිතැබීම්, පක්ෂ තහනම් කිරීම් ගැන එදා හිටපු පාලකයා මරණාසන්නව සිටිද්දී සත්‍ය හෙලිකලා. මෙයා හිච්චිඑකා නිසා ඕවා අවබෝධ කරගන්න අමාරු ඇති. 90' සිට අවුරුදු 33 ක් ගතවෙලාත් තවම තියෙන්නේ, එදා තත්ත්වයනම් උඹලගේ තාත්තා, බාප්පලා, මහප්පා සහ දැන් බලයදීලා තියෙන බටලන්දේ අංකල්, චන්ද්‍රිකා ඇතුළු නඩය බලය අරගෙන කරපු කෙහෙල්මලක් නැද්ද ? එතකොට. ඔය අදෝනාව ඡන්ද කීයක කියලා තියේද? හැමදාම එකම දේ කියලා දැන් එහි අගයක් නැහැ.. මහජනයා සත්‍ය වටහාගෙන ඉවරයි.. (83' මොකද කෙරුවේ කියා සිරිල් මැතිව් දන්නවා. එදා බියගම හිටපු මන්ත්‍රී ඒක දන්නවා)
උඹ.පරම්පරා ගනනකට හම්බකරපු එකා..අනුරටත් අවස්ථාවක් දීපන් හොරා කන්න.225 හොර නඩේ සහ උන්ගේ පවුලේ එවුන් සුර සැප විදින්නේ අපේ බදු සල්ලි හොරා කාලා. තූ නුදකින් විතරක් මුන් අපේ දෑහට නොපෙනෙවා උපදිනා ආත්මයක් පාසා.
නාමල් සහෝදරයා අපගේ විදුලි බිල ගෙවීමට සහ අයිෆෝන් 15 දුරකථන ලබා දීමට මිතුරෙකු සොයා ගන්නේ කෙසේදැයි අපට දන්වන්න. කල්තියා ස්තූතියි
ගණන් ගන්න එපා බබා. මෙයා බබා. නාමල් බේබි කියන්නෙ ඒකයි. මේ බබාල පාර්ලිමේන්තු යවන බබාලටත් දෙවි පිහිටයි. බබාලන්තේ තවත් දවසක් ගෙවුණා. එච්චරයි. කල්පනා කරල බලන්න බබා.
මේවා අහන්නත් ඉතින් බයියන් ඉන්නවනේ ලංකාවේ...
අනේ කවුරු හරි බේබිට එයාගේ කතාවට මිනිස්සු දාන අදහස් ටික පෙන්නන්නකෝ...!
හොර හැතිකරේ තරම් ශාපයක් කවරදාකවත් මේ රටට වැදුණාද? එන්නකෝ ඡන්දෙ ඉල්ලන්න. බල සේනාවත් සමග. ගහලා එළවන්න.
මොවුන් නම් ලැජ්ජාවක් නැති දේශපාලුවෝ..
එතකොට ඔයගොල්ලන්ටයි, අලින්ටයි තියෙන කොටසේ දිග-පළල කියනවාද රටටම දැනගන්න...?