(අංජුල මහික වීරරත්න)
ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද කරුණානායක මහතා කීය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කීවෙි කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.
රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ විහිළුව! සුපුරුදු පරිදි ඔය ඡන්දෙට වැඩියෙන්ම මුදල් නාස්ති කරන්නේ UNP කාරයින්...!
විලි ලැජ්ජාවක් නැතිව මහ බැංකුවට උපදෙස් දෙනවා...
අපිත් හරිම ආසාවෙන් ඉන්නේ එයා නිර්පාක්ෂික වෙලා, එහෙමම එයාව ගෙදර යවන්න...!
කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගිය තමුන්නාන්සේලා දැන් අවලංගු කාසි අනේ... රනිල් මහත්තයා වෙනුවෙන් ඔබතුමාලාට කරන්න පුළුවන් ලොකුම දේ තමයි දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න එක...!
මොන පාක්ෂික වුණත් අපිට කමක් නැහැ.. පිනාව ගෙදර අරිනවා අනිවාර්යයෙන්ම...!
දැන් ටිකක් වැඩිපුර කොණ්ඩෙ හදපු චීන්නු ඉන්න නිසා හොඳයි.
හරි, අපි එතුමාව ජනාධිපති කරලා, මෙතුමාව මුදල් ඇමැති කරමු... තේරෙන්න කියන්න එපැයි ආයුබෝවන්ඩ..
මහදවල්, මහ බැංකුව අමු අමුවේ කොල්ල කෑම සාධාරණයිද? නිර්පාක්ෂිකව ආවත්, පක්ෂයකින් ආවත් මෙයාව මීළඟ මැතිවරණයේදී ජනතාව එළවා දමනවා ඔහුගේ ගෝලයින් එක්කම.
නිර්පාක්ෂිකයි කියන්නේ කිසිම පක්ෂයකට මෙයා ගන්නේ නෑ කියන එක... රවී හරියටම හරි..!
මහබැංකුවේ නිලධාරීන්ට වැරැද්ද පටවලා චන්දෙට සල්ලි නොදී ඉන්න වගේ හදන්නේ ?අම්බ කපටියෙක් ?
එහෙනම් එජාපයෙන් අස් වෙලා ඉන්නකෝ
මූත් ඉවරයි එජාපෙත් ඉවරෙටම ඉවරයි
National ID Card / Social insurance Number යනු රජයෙන් පුද්ගලයකුට ලබා දෙන්නා වූ අතිශය පුද්ගලික අංකයකි. නමුත් ලංකාවේ National ID Card රටේ පුරවැසියන් හට තිබුනද එම අංකය බොහෝ අවස්තාවන් වෙත යොදාගැනීමට සිදුව තිබෙන්නා වූ නිසා රහස්‍ය බවක් නොමැත. පසුගියදා සියබලාපිටිය ඇමතිවරයා කියා සිටියේ National ID Card සහ Tax Identification Number (TIN ) එකට නිකුත් කරනා බවකි. එසේ නිකුත් කල හැකිය. එසේ උවත් පුද්ගලයකු බදු ගෙවීම ආරම්භ වූ පසු income tax number (unique number ) අතිශය පුද්ගලික විය යුතු අතර එම අංකය Iland Revenue Department සහ එම බදු ගෙවන පුද්ගලයා පමණක් දැනගතයුතු වේ. එසේ නොවුනහොත් අනාගතයේදී යම් ගැටළු මතුවීමට ඉඩ ඇත.
මෙන්න අව්‍යාජ නිර්පාක්ෂිකයා හඳුන්වාදෙන පිරිසිදු මහත්මයා, ඇලොසියස් ගෙයක් නුදුන් බව නොදත් අවංකයා, රටේ මිනිස්සු මැරිල ඉපදිලා නැහැ