
(අංජුල මහික වීරරත්න)
තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.
තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහල මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙකේ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් අපනයනය කෙරෙන අතර තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා මුදලකට බවයි.ලංකාවේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැතැයි ද දැන් තරගය පවතින්නේ ලංකාවේ ව්‍යාපාරිකයන් අතර යැයිද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට බොරුනේ. කව්රු හරි ලණු දෙනවා, ඇමැතිවරු ලණු කනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෙඩියක් උපරිම රුපියල් 425 යි. කොහොම වුණත් තැඹිලි වගාකිරීම ඉතාමත් හොඳයි. ඵලදාව එනකොට තව රටවල් ටිකක් අපනයනය සඳහා හොයාගත හැකියි..
පට්ටපල් බොරුනේ .UAE වල තැඹිලි ගෙඩිය රුපියල් වලින් 400 - 450 වගේ වෙන්නේ .මේ වගේ එවුන් ගෙදර යන්න ඕනේ
මම ඉන්නේ කටාර්වල. මෙහෙ තැඹිලි ගෙඩියක් රියාල් 5-6 අතර. කියන්නේ 425-510 වගේ වෙන්නේ ලංකාවේ මුදලින්... කටාර් - යූඒඊ මිල ගණන් බොහෝවිට සමානයි.
තැඹිලි ගෙඩියට වල්ලපට්ටා කුඩු ටිකක් දාලා දෙනවද කියලා දන්නේ නෑනේ... එතකොට ටිකක් ගාණ වැඩියට ගන්න පුළුවන්...!
ඔහොම තමයි මෙයාලා තීරණ ගන්නේ...!
Uae වල තැඹිලි ඩිරාම් 3.50 සිට ඩිරාම් 5 දක්වා වෙනවා. ඩිරාම් එකක් අද වෙන්නේ රුපියල් වලින් 84.85 වගේ. අපේ ඇමැතිලා මිනිස්සුන්ව අන්දන්න හරි දක්ෂයි.
අදහස් දක්වා තියෙන ඔක්කොමලා කියත්මගේ කට්ටියක් වෙන්න පුළුවන්... ඔවුන් හිතාගෙන ඉන්නේ ඇමැතිවරයා බෙදාදෙන තැඹිලි පැළ වලින් අද සිටම ඵලදාව අරගෙන හෙට අපනයනය කළොත් ගන්න පුළුවන් මිල තමයි. ඒත් ඇමැතිවරයා මිල කියන්නේ ඔය ගස්වල ගෙඩි හැදිලා අපනයනය කරන වෙලාවේ තියෙන්න පුළුවන් මිල ගණන් තමයි. එහෙම වෙන්න තවත් අවුරුදු පහක්වත් ගතවෙනවා ඒ කාලයේ මුදල් අගය රුපියල් 2000/= වෙන්න හැකියි.
සුරංගොඩ, මොනවගේ කට්ටිය වුණත් ඇත්ත ඇති සැටියෙන්, පියවි ඇසින් දකින්න. අද උපරිම රුපියල් 425 වන ගෙඩියක්, තව වසර 5 කින් රුපියල් 2000 ක් වනවිට, අපේ රුපියල පස් ගුණයකින් පමණ අවප්‍රමාණය වෙලා වැඩක් තියෙයිද? අනෙක, "තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා මුදලකට" කියලා පැහැදිලිවම කියලා තියෙනවා, මේ කියලා තියෙන්නේ වර්ථමාන තත්වය පැහැදිලි සිංහලෙන්. ඔයගොල්ලෝ වගේ දැන-උගත් කට්ටිය රටේ ඉන්නකම්, දියවන්නාවේ 226ම රට කාලා, රටේ ජනතාවට කෝචෝක් කර කර ඉඳියි, අනේ වාසනාවන්...