අල්ලස් ගත් සැරයන්-කොස්තාපල් ගෙදර
රියදුරු බලපත්රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය බව කියන පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා රුපියල් 1,000ක මුදලක්එම පුද්ගලයා ගෙන් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන කන්තලේ මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගෙ වැඩ අද(10) සිට ක්රියාත්මක වන පරිදි තහනම් කර ඇත.