ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම මේ මස 31වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවීය.
පෙත්සම් විභාගය මුල සිට යළි සලකා බැලීමටද අධිකරණය තීරණය කළේය .
මේ අතර, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම මේ මස 30 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝල්ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන්න ඕන කෙනෙක් .ඒත් තාමත් ගෙදර අය නිල නිවාසය වාහන පාවිච්චි කරනවා .කාවද මේ රවටන්නේ
ගරු විනිසුරුවනි මුන්ව රිමාන්ඩ් එකේම තියන්න ,හොර හැත්ත ජාතියට කල අපරාධයට ,නිකන් අහිංසක මිනිස්සු මැරුණා