
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට පුරා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සහ සහකාර පාලිකාවන් 34000 කින් ඩිප්ලෝමා ලබාගෙන සිටින්නේ 6000 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය.
මෙහි ඇති බරපතළ තත්වය මින් පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය.
ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2005 ඉදලා 2010 වෙනතුරු මෙයා අධ්‍යාපන ඇමැති, නැවත වතාවක් 2022 ජූනි වල ඉදලා අධ්‍යාපන ඇමැති හැටියට වැඩ කරනවා. අවුරුදු හතකට වැඩි කාලයක් රටේ අධ්‍යාපන ඇමැතිවෙලා ඉදලා අඩුම තරමේ රටේ ළදරු පාසල් වල අධ්‍යාපනයවත් නගා සිටුවන්න වැඩපිළිවෙළක් සකස් කරන්න උවමනාවක් හැකියාවක් නැති මේ මනුස්සයා දැන් අදෝනා නගන්නේ අපි රට පාලනය කෙරුවා වගෙයි.
ඉතා විහිළුවක්,.................. ඔබ වැඩ කරන රට වෙනුවෙන් තීරණ ගන්නා ස්ථානයේ ...............කී දෙනෙක් සුදුසුකම් ලබයිද?. ඔයාට ඒ ගැන ( සුසිල්ව) අමතකයි කියලා හිතනවා. අන් අයට ඇඟිල්ල දිගු කිරීමට පෙර, මා සමඟ කතා කිරීමට පෙර ඔබේ ආයතනයේ සාමාජිකයින්ගේ සුදුසුකම් කරුණාකර පරීක්ෂා කරන්න. ඔයාගේ දැනුම පරීක්ෂා කරන්න. ලැජ්ජයි.
මෙතුවක්කල් අපිද රට පාලනය කළේ? දියවන්නාවේ 226ම පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල දක්කන්න ඕනෑ, මොකද ඔක්කොටම ඩිප්ලෝමාව කෙසේ තියෙන්නෙ උපාධිය නම් තියෙන්නෙ හොරකම, මැරකම, වංචාව, දුෂණය, නාස්තිය වගේ දේවල්වලට විතරනේ ???
අපෙන් රට කරවන උන්දැල අහන ප්‍රශ්නද මේවා ?
රජය පත් කරන්නෙ ඕව හදන්න බුරන්න නෙවෙයි