
(අංජුල මහික වීරරත්න)
රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබීය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් කමිටුවට ඇතුළත් වෙති.
ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ , ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට රජයේ ඉඩම් ලබාදීමට නියමිතව පවතී.
රණවිරුවන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල මීට පෙර අවස්ථා කිහිපයකදී ආරම්භ කෙරුනත් එය සාර්ථකව සහ කඩිනමින් තියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත්කර ඇත.
ජනාධිපති නියෝග පරිදි රණවිරුවන්ට ලබා ඉඩම් ලබාදීමේ කාර්යභාරය ප්‍රමුඛස්ථානයෙහිලා සලකා කඩිනමින් වැඩ කටයුතු සම්පාදනය කිරීම අදාල කමිටුවේ වගකීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් එපා කිව්වත් මේ පාර ඡන්දේ තියනවා කියලා හොදටම විශ්වාසයි
තව තව ඡන්දෙ ලන්වෙනකොට රනිල්ගෙන් රටේ හැමෝටම ඉඩම ගානේ හම්බවෙයි වගේ
අපි මේ ගතකරන්නෙ වෙසක් මාසේ කියලා දැන්නම් හොඳටම ෂුවර්...දන්සල් හැම තැනම....
මෙයාට හොදටම පුළුවන් බෙදන්නයි විකුණන්නයි විතරයි වගේ, කාලයක් එරික් සෝල්හයිම් එක්ක එක්ක එකතුවෙලා රට බෙදන්න හැදුවා. ඊට පස්සේ එම් සී සී ගිවිසුම හරහා ඇමෙරිකාවට උවමනා විදියට රට බෙදන්න උත්සාහ කෙරුවා කියලා මහින්ද චෝදනා කෙරුවා. 2015 දී ෆ්රී වයි ෆයි බෙදනවා කිව්ව, දැන් තෙල් සංස්ථාව කෑලි හතරකට බෙදලා තුනක් වික්කා, විදුලි බල මණ්ඩලය කෑලි පහකට බෙදලා පහම විකුණන්න හදනවා. ඒ අස්සේ ඊළඟ පාරත් ජනාධිපති වෙන්න හිතාගෙන පරණ හාලුයි ඉඩම් ටිකයි බෙදන්න හදනවා. ඒ මොනවා කෙරුවත් මෙයා රටේ ජනාධිපති වෙනවා බොරු !
නාකි මොලේ අමාරුකාර රනිල්, තමන් දවසෙන් දවස කරන දුෂණ මගඩි වලින් දැන් හොඳටම පැහැදිලියි , තමන් විසින්ම තමන්ගේ වල කපාගන්නවා කියලා. අනිවාර්යයෙන්ම තමුන් ජිවිතාන්තයටම හිරේ යනවා !!!
ආදරණිය රණවිරුවනී, එදා මෙයා තොප්පිගල කැලේ කියලත්, අලිමංකඩ පාමංකඩ කියලත්, කිලිනොච්චිය මැදවච්චිය කියලත් ඔබතුමන්ලාවේ වීර ක්‍රයාව හෑල්ලුවට ලක් කල එක අමතක කරන්න එපා. දැන් මෙයා ඉඩම් බෙදනවා, පරිභෝජනයට නුසුදුසු හාල් බෙදනවා. මේවා ආදරයට නොවේ, බලය අත්හරින්න බයට කරන්නේ.
මේවට රැවටෙන්න එපා.මේවා ඡන්ද ගුණ්ඩු.දෙන දේවල් ඔක්කොම ගන්න,මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙන්න.
රනිල් ,සාගල සහ කමිටු
අපිට මිලේනියම් සිටි හොදට මතකයි. මුතාලිෆ්, මීඩින් වගෙ අයවත්