
(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවූ බව ජාතික ජනබලවේගය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔහොමම සජි බබාවත් බලලා යන්න, නැත්නම් එයා බයිඩන් ලොක්කා එක්කත් තරහා වෙයි.
සමාජවාදය එතනින් නිමාවිය. කෝ මේ ලාල්කාන්ත සහොදරය.
ඔයාලා කියන එකක් කරන්නම්, අපිට වෙන දේවල් නම් ඔලුවට එන්නෙත් නෑ කිව්වට කරන්නත් බෑ කියන්න ඇති.
ඔන්න කලබල වෙලා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඇදගන්න එපා, මේව කාලීනව වෙන දේවල්, මාලිමාවට ජය
සෙනෙවිරත්න කිවුවා හරියටම හරි. කාලීනව ඇමරිකාව ජේවීපී එක වෙනුවෙන් පෙනී සිටිනවා තමයි. 71 දී සමාජවාදී ආන්ඩුවට එරෙහිව කැරලි ගැහුවෙත් ඒ කාලේ ජේවීපී එක වෙනුවෙන් ඇමරිකාව පෙනී හිටපු නිසා. කාලෙන් කාලෙට අපේ රට අස්ථාවර කරන්න ඇමරිකාව එක්කෝ කොටි වෙනුවෙන් පෙනී හිටියා නැත්නම් ජේවීපී එක වෙනුවෙන් පෙනී හිටියා.
මොකක්ද බං ඔය දෙන පදක්කම... විද්‍යාත්මක සමාජවාදය සඳහා වූ මිහායිල් ගොර්බචොව් සම්මානයද ?
එලොන් මස්ක් කාල් මාක්ස්ව ආරෝපණය කළේය
මොණරවිලට තේරුමක් නෑ. මම කිව්වේ ඔහේගේ අනුර කුමාර ගැන තමයි. අනුර කුමාරට දේශපාලන රැස්වීම් තියන්න ඇමරිකාවට වීසා දුන්නෙත්, අනුර කුමාර ඇමරිකන් කොඩිය ඉස්සරහා හිටගෙන මාලිමාවේ රැස්වීම් තිබ්බෙත්, ඇමරිකාවෙන් එන එන එක්කෙනා මුණ ගැහෙන්නෙත් ඇමරිකන් තානාපතිනී පැලවත්තේ පදිංචි වෙලා ඉන්නෙත් එයා ඇමරිකාවේ සුවච කීකරු ගෝලයා නිසා. අරගලය වෙලාවේ අනුර කුමාරයි ඇමරිකන් තානාපතිනියි එකතු වෙලා තමයි ව්‍යවස්ථා විරෝධීව කථානායකට රට බාරගන්න කිව්වේ. ඒ වෙලාවේ කථානායකතුමා ඒක ප්‍රතික්ෂේප නොකරන්න අද මේ රටේ ජනාධිපති ඇමරික්න් රූකඩයෙක් උන අනුර කුමාර තමයි.