ලෝක බැංකු නියෝජිතයෝ ගොවි දුක බලන්න යති
මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිතයෝ අනුරාධපුර, තිරප්පනයේ ක්ෂේත්ර චාරිකාවක නිරත වූහ. ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්ර චාරිකාවකට මෙලෙස එක් වූහ.