නව වසරට ආශිර්වාද ගන්න නව වසරට මහ සෙනගක් නව වසරට ආශිර්වාද ගැනීම සඳහා ජනතාව විශාල සංඛ්‍යාවක් කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට අද (1) පෙරවරුවේ පැමිණ සිටියහ. 01 January 2024
යුක්තිය’ තවත් 1200 ක් අත්අඩංගුවට ’යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1229 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 86 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (1) පෙරවරුවේ පැවැසීය. 01 January 2024
අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි. 01 January 2024
අවුරුද්ද පටන්ගත් දා දුම්රියෙන් මගීන්ට සප්‍රයිස් එකක් ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් මගී ජනතාව අද (1) පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති. 01 January 2024
ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි. 01 January 2024
ෂාන් ස ජ බ ට එක් වෙයි ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී අද( 01 ) සමගි ජන බලවේගයට එක්වීමට නියමිත බව වාර්තා වේ. 01 January 2024
කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක් නව වසරේ වැඩ අරඹමින්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) අද (1) විශ්වයේ ඇති කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීමට නියමිතය. 01 January 2024
මාලිමාවේ සටන මාතරින් අරඹයි “රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු සංවේදී භාවයකින් තොරව වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උදා වු නව වසරේ දී ඇති වෙනවා.ආර්ථිකය විශාල ලෙස හැකිලීමට පත් වනවා පමණක් නොව ජන ජීවිතය විශාල පීඩාවකට ලක් වෙනවා.” 01 January 2024
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය පූතූර් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි අච්චුවේලි පොලීසිය පවසයි. 01 January 2024
පරිවාසේ දරුවෝත් බඩගින්නේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පරිවාස මධ්‍යස්ථානවල දරුවන්ටත් නිසි පරිදි ආහාර ඇතුළු අවශ්‍යතා නොලැබෙන තත්වයක් පවතින බව එම ආයතනවල පාලකයෝ පෙන්වා දෙති. 01 January 2024
වැස්ස අද වැඩි වේ ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 January 2024
බස් - ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු සහ ත්‍රිරොද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ. 01 January 2024
මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනස් කම් කිහිපයක් අද (1) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2024
මුන්දලමේ අනතුරකින් 10ක් රෝහලට මුන්දලම නගරය ආසන්නයෙ දී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවු දරුණු රිය අනතුරකින් දස දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය කියයි. 01 January 2024
ලෝකවාසීහු 2024 පිළිගනිති මල් වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන මැද, ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේය. සුපුරුදු පරිදි, මුලින්ම, නව වසර සැමරූ ප්‍රධාන රාජ්‍යයක් වන්නේ නවසීලන්තයයි. 01 January 2024
සැමට සුභ නව වසරක් වේවා ලංකාදීප පාඨක ඔබ සැමට සහ ලෝක වාසී සියලු දෙනාට ලබන්නා වූ වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා! 01 January 2024
චීන ජනපති ලෝකයටම සුබ පතයි චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රීය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් දරමින් සිටින් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 නව වසර වෙනුවෙන් ලෝකවාසීන් වෙත සුබ පැතුම් පිරිනමමින් පවසයි. 31 December 2023
පෞද්ගලික අරමුණු ජයගන්න නම් මව්බිම ගැන සිතන්න සැමට දහසකුත් එකක් පෞද්ගලික අපේක්ෂාවන් තිබුණ ද ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහලට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 December 2023
ලුණුගල පවුල් 110 ඉවත් කරයි වර්ෂාවත් සමඟ නාය යාමේ අවදානමක් හේතුවෙන් ලුණුගල හොප්ටන් වත්ත පරණ කර්මාන්ත ශාලා බී කොටසේ පදිංචි පවුල් 110ක සාමාජිකයන් 300ක් පමණ අද (31) රාත්‍රි මීට සුළු මොහොතකට පෙර ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ලුණුගල පොලිසිය පවසයි . 31 December 2023
පාන් - බනිස් මිල වැඩි නොවේ රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 31 December 2023
ගඟේ දේවොල යටවේ පවතින මහා වැසි හෙතුවෙන් මැණික් ගගේ ජලය පිටාර ගැලීම නිසා සෙල්ල කතරගම ගණපති කෝවිල ජලයෙන් යටවිය. 31 December 2023
මුරුන්කන් පාසල් ගුරුවරයකු කුඩු සමග මාට්ටු මුරුන්කන් ප්‍රදේශයේ පාසලක කෘෂිකර්ම විෂය හදාරන ගුරුවරයකු මත් කුඩු ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 31 December 2023
ලිට්රෝ ගෑස් මිල කලින් වැඩිවෙයි ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සෑම මසකම 4 වැනිදා මාධ්‍යම රාත්‍රීයට යෙදී තිබුණ ද මෙවර ගෑස් මිල සංශෝධනය හෙට (1) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කරනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (31) පස්වරුවේ පැවසීය. 31 December 2023
සෝමාවතියේ හිමිවරු 5ක් ඇතුළු 80 ක් ආරක්ෂිත ස්ථානවලට අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීවුවත් එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ඇතුළු ආරක්ෂක අංශවල 75 දෙනෙක් ආරක්ෂාව සහිතව එහිම රැඳී සිටිති. 31 December 2023
රජයේ ඉඩම් අක්කර එකොළොස් දාහක් හොර ගොඩ ගිහින් රජයේ වැවිලි ඉඩම් 54ක අක්කර 11900ක් අවභාවිතවී ඇති බව විගණන වාර්තා අනාවරණය කර ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 31 December 2023
ඖෂධ වංචාවට කෙහෙලිය රකින්න අත ඉස්සූ 113ත් වගකිව යුතුයි ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 December 2023
ඇති තරම් පොල් කන්න සැලසුමක් හදයි මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි තෙවසර ඇතුලත ගෙඩි මිලියන 1000ක් දක්වා ඉහල නැංවීමට වැඩ පිලිවෙක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 December 2023
ප්ලේන්ටි - කිරි තේ මිලත් ඉහළට ප්ලේන්ටිය සහ කිරි තේ ඇතුළු කෙටි ආහාරවල මිල වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනයශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය. 31 December 2023
ඇළකින් බිලිදු සිරුරක් හමුවෙයි මකල්දෙණිය වයිමුඩුක්කුව හංදිය අසල දිය ඇලක රැදී තිබි බිළිදු මළසිරුරක් සොයාගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 31 December 2023
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026