
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.
ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා අද (16) පෙරවරුවේ වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැර වීම හේතුවෙන් ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයට තරග කරන නිසා පොලිස්පති පත් කරන්නේ නැහැ කිව්වා දැන් පොරොන්දු කඩ කරනවා...!
පොලිස්පති විතරයි බැරි, දේශබන්දුම ඕනෑ, රටේ කුඩු පාතාලය මර්දනය කරන්නත්, මැතිවරණ කරන්නත් පොලිස් දෙපාර්තමේන්තුවේ වෙන කිසිවෙක් නැත. ඉන්නේ දේශබන්දු පමණි. මහාලොකු ප්රජාතන්ත්රවාදියා ඔන්න කරන හැටි...!
හොඳ නඩු නිමිත්තක්
මේවා සමහරුන්ට තේරෙනකොට පරක්කු වැඩිවෙලා තියෙයි. ඒත් රනිල් තරම් දූෂිතයෙක් අපේ දේශපාලනයේ හිටියේ නෑ. ප්රජාතන්ත්රවාදයේ හතුරෙක්...